Home Science News අඟහරු මත මානව පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කළ යුතු බව පර්යේෂකයෝ කියති

අඟහරු මත මානව පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කළ යුතු බව පර්යේෂකයෝ කියති

by Sathya

යකඩ යුගයේ ඉදිකරන ලද ගොඩනැඟිල්ලක පාදමක් සොයා ගැනීම හෝ රෝමානු යුගයේ අසිපතක් සොයාගන්නා පුරාවිද්‍යාඥයෙකුට දැනෙන්නේ අපමණ සතුටක්. අනාගතයේ පුරාවිද්‍යාඥයන් අඟහරු ලොව මත දුහුවිලි අතරින් දිරා ගිය ඉපැරණි NASA රෝවරවල නෂ්ටාවශේෂ නිරාවරණය කරගනිමින් එවැනි ම සතුටක් උපදවා ගනු ඇති බව පර්යේෂකයන් සඳහන් කරනවා.

ඔවුන් සඳහන් කරන්නේ රෝවර, ගොඩබැසුම් ස්ථාන මෙන් ම සුනු විසුණු වී ගිය කොටස් වැනි අඟහරු ලොව මත මිනිසාගේ ක්‍රියාකාරකම් නිරූපණය වන සෑම තැනක් ම සංරක්ෂණය කර මානවයාගේ අභ්‍යවකාශ ගවේෂණය විස්තර කෙරෙන පුරාවිද්‍යාත්මක ස්ථාන ලෙස වාර්තාකරගත යුතු බවයි.

“රෝද පාරවල් මෙන් ම ඉවත ලූ උපකරණ කොටස් ආදී ද්‍රව්‍ය සියල්ලක් ම අපේ වර්ගයා සෞරග්‍රහ මණ්ඩලය වෙත තැබූ පළමු පියවරයන් නිරූපණය කරනවා.” කැන්සාස් විශ්වවිද්‍යාලයේ ආචාර්ය Justin Holcomb සඳහන් කරනවා.

Nature Astronomy ජර්නලයට ලියමින් ඔහු ඇතුළු සගයන් පෙන්වා දෙන්නේ ස්වාභාවික ව සිදු වන දිරාපත් වීම්, උල්කා ඝට්ටන, සැලසුම් නො කළ කඩා වැටීම් සහ අදාළ පෙදෙසට ඉහළින් වෙනත් යානා ගමන් කිරීම ආදී ක්‍රියාකාරකම් නිසා මේ ‘අභ්‍යවකාශ පුරාවිද්‍යාත්මක’ ස්ථානවල පැවැත්ම අනතුරේ හෙළන බවයි.

Holcomb ඇතුළු පර්යේෂණ සගයන් පෙන්වා දෙන්නේ අභ්‍යවකාශයට යැවෙන වස්තූන් ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය සතු ව ඇති නමුත්, අඟහරු මත ඇති මානව නිර්මිත පුරාවිද්‍යා උරුමය සිතියම්ගත කිරීමට හෝ වාර්තා තබා ගැනීමට මෙතෙක් නිසි ක්‍රමවේදයක් හඳුන්වා දී නොමැති බවයි.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications