Home Science News Traces කතා මාලාවට පසුබිම් වූ Leverhulme අපරාධ වෛද්‍යවිද්‍යා පර්යේෂණාගාරය වැසී යාමේ අවදානමක්

Traces කතා මාලාවට පසුබිම් වූ Leverhulme අපරාධ වෛද්‍යවිද්‍යා පර්යේෂණාගාරය වැසී යාමේ අවදානමක්

by Sathya

ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගනිමින් BBC නාලිකාවේ විකාශය වූ Traces මාලා නාටකයට පාදක වූ සැබෑ ලෝකයේ වෝහාරික වෛද්‍ය විද්‍යාගාරය වැසී යාමේ අවදානමක් මතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ස්කොට්ලන්තයේ ඩන්ඩී විශ්වවිද්‍යාලයට අයත් මෙකී Leverhulme පර්යේෂණ මධ්‍යස්ථානය වැසී යාමේ අවදානම මතු ව ඇත්තේ ඒ වෙත ලබා දෙන යුරෝ මිලියන 30ක මූල්‍යමය ප්‍රතිපාදන කප්පාදු කර දැමීමට ගත් තීරණයක ප්‍රතිඵලයක් ලෙසයි.

මේ සමඟ විද්‍යාගාරයේ සේවය කළ 24 දෙනෙකුගෙන් යුතු කාර්ය මණ්ඩලයට ද රැකියාව අහිමි වීමේ අවදානමට මුහුණ දෙන්නට සිදු වී තිබෙනවා. Leverhulme පර්යේෂණ මධ්‍යස්ථානය යනු 2016 වසරේ පටන් වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳ පර්යේෂණ සිදුකරන එරට විශාලතම පර්යේෂණ ආයතනයයි. අවස්ථා ගණනාවක දී ම දරුණු ගණයේ අපරාධවලට අදාළ වරදකරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා එය දායක වී තිබෙනවා.

“විශ්වවිද්‍යාලය තමන් සතු වටිනා ම වත්කමක් අත්හැර දැමීමට අදහස් කිරීම ගර්හණීය තත්ත්වයක්.” සම්මාන ලාභී අපරාධ ලේඛකයෙකු මෙන් ම Traces කතාමාලාවේ රචකයා ලෙස ද කටයුතු කළ Val McDermid පවසනවා. කතාමාලාව රචනා කිරීමේ දී එහි එන ප්‍රබන්ධිත වෝහාරික වෛද්‍ය විද්‍යාගාරය ‌ගොඩනඟා ඇත්තේ Leverhulme විද්‍යාගාරය ආදර්ශ කොටගෙනයි.

The Guardian ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි  

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications