Home Science News චීනයෙන් දුර්ලභ ගෝනුසු ෆොසිලයක් සොයාගැනේ

චීනයෙන් දුර්ලභ ගෝනුසු ෆොසිලයක් සොයාගැනේ

by Sathya

චීනයෙන් ප්‍රාග් ඓතිහාසික යුගයේ විසූ ගෝනුස්සෙකුට අයත් අතිශය දුර්ලභ ෆොසිලයක් සොයාගෙන තිබෙනවා. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මේ ගෝනුසු විශේෂය ක්‍රිටේෂියානු පරිසර පද්ධතිය තුළ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන්නට ඇති බවයි. Jeholia longchengi ලෙස විද්‍යාත්මක ව හැඳින්වෙන මේ ගොනුසු විශේෂය අදින් වසර මිලියන 125කට පමණ පෙර වාසය කර තිබෙනවා.

විෂ සහිත ගොනුසු විශේෂයක් වන මොවුන් අතීතයේ මෙන් ම වත්මනේ ද වෙසෙන බොහෝ ගෝනුසු විශේෂවලට වඩා ශරීර ප්‍රමාණයෙන් විශාල වන්නට ඇති බව විද්‍යාඥයන් පවසනවා. ඔවුන් උපකල්පනය කරන්නේ මකුළුවන්, කටුස්සන් මෙන් ම කුඩා ක්ෂීරපායන් පවා උන්ගේ ගොදුරු බවට පත් වන්නට ඇති බවයි. ඒ අනුව මොවුන් ප්‍රාග් ඓතිහාසික ජෛව පද්ධතිය තුළ පැවැති ආහාර දාමයේ සුවිශේෂ පුරුකක් වන බවයි පර්යේෂකයන් විශ්වාස කරන්නේ.

මෙය චීනයෙන් මෙතෙක් කලකට හමු වූ ගොඩබිම වාසය කළ ගෝනුසු විශේෂවලට අයත් ෆොසිල අතරින් සිව් වැන්නයි. එසේ ම Science Bulletinහි පළ වී ඇති පරිදි එරටින් හමු වූ මෙසෝසොයික යුගයකට‌ අයත් මුල් ම ගෝනුසු ෆොසිලයත් මෙයයි.

මෙසෝසොයික යුගය හෙවත් අදින් වසර මිලියන 252ත් 66ත් අතර කාලයේ විසූ බොහෝ ගොනුස්සන් සුරැකි ව පවතින්නේ ඇම්බර්වලට යට වී ස්වාභාවික ව ම සංරක්ෂණයට ලක් වීමෙන්. මෙලෙස ෆොසිල ලෙස සංරක්ෂණයට ලක් වන ගෝනුස්සන් අතිශය විරල වනවා. ඒ උන් බොහෝ විට වෙසෙන්නේ ගස් අතු සහ පාෂාණ ආශ්‍රිත ව බැවින් අවසාදිතයක සිර වීමට ඇති ඉඩ ඇම්බර්වල සිර වීමට ඇති ඉඩ ප්‍රස්තාවට වඩා අඩු වීම නිසයි.

Live Science ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications