Home Science News යෝධ අණුක වලාවක් සොයාගැනේ

යෝධ අණුක වලාවක් සොයාගැනේ

by Sathya

කෂීරපථයේ ඇති මෙතෙක් හඳුනානොගත් යෝධ අනුක වලාවක් (Giant Molecular Cloud – GMC) හඳුනාගැනීමට තාරකා විද්‍යාඥයන් සමත් ව සිටිනවා. ඔවුන් මේ සොයාගැනීම සිදුකර තිබෙන්නේ ඇමරිකාවේ ග්‍රීන් බෑන්ක් දුරේක්ෂය ආධාරයෙන් සිදු කළ නිරීක්ෂණ පාදක කරගෙනයි.

ආලෝක වර්ෂ 200ක පළලින් යුතු මේ යෝධ අණුක වලාව සූර්යයා මෙන් 160,000 ගුණයක ස්කන්ධයකින් යුතු වන අතර M4.7–0.8 ලෙස මෙසියර් නාමකරණයට ලක් ව තිබෙනවා.

අණුක වලාවන්ගේ සංයුතිය අතුරින් විශාල ප්‍රමාණයෙන් අඩංගු වන්නේ හයිඩ්‍රජන් වායුවයි. ඒවා මන්දාකිණි තැනීමේ දී ඉතිරි වූ දූවිලි සහ වායූන්ගෙන් තැනී තිබෙනවා. මෙවැනි වලාවන් අතුරින් සූර්ය ස්කන්ධ 100,000 ඉක්මවන වලාවන්, Giant Molecular Cloud – GMC හෙවත් යෝධ අණුක වලාවන් ලෙස හැඳින්වෙනවා. ආලෝක වර්ෂ 15ත් 600ත් අතර වපසරියක පැතිරෙන මෙවැනි යෝධ අණුක වලා අන්තර්තාරීය මාධ්‍යයේ ඇති ඝණත්වයෙන් අධික ම මෙන් ම සිසිල් ම ප්‍රදේශ නියෝජනය කරනවා. එසේ ම වැඩි වශයෙන් තාරකාවලට උපත ලබා දෙන වායු සංචිත වශයෙන් ද මෙවැනි කලාප හඳුනාගත හැකයි.

Interesting Engineering ඇසුරෙනි.

නිම්නා අමරසේකර

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications