Home Science News SriLankan අලුත් සාමාජිකයා අද දිවයිනට

SriLankan අලුත් සාමාජිකයා අද දිවයිනට

by Sathya

SriLankan ගුවන් සේවයට එක් වන අලුත් ම මගී ප්‍රවාහන ගුවන්යානය අද (04) පෙරවරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි. පුළුල් බඳ සහිත Airbus A330-200 මාදිලියේ යානයක් වන මෙය ලියාපදිංචි කර ඇත්තේ 4R-ALT ලෙසයි.

ප්‍රංශයේ පැරිස් ගුවන්තොටුපළේ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ බලා පැමිණෙන 4R-ALT යානය පෙරවරු 8.00ත්, 9.00ත් අතර මහජනතාවට දැකබලා ගැනීම සඳහා කොළඹ වරාය නගරයේ සිට මොරටුව දක්වා වෙරළ තීරය ඔස්සේ අඩි 1,500ක් ඉහළින් පියාසර කරන බව ගුවන් සමාගම නිවේදනය කර තිබෙනවා.

9.30 ට පමණ සිදු කිරීමට නියමිත ගොඩබෑමට පෙර, කටුනායක ප්‍රදේශයට ඉහළින් ද යානය ප්‍රදර්ශනාත්මක පියාසැරියක් සිදුකරන බව SriLankan පවසනවා. ගුවන් සමාගම පවසන්නේ මෙය ගුවන්යානා පිළිබඳ උනන්දුවක් දක්වන අයට මෙන් ම විනෝදාංශය ලෙස ගුවන්යානා කැමරාවට හසු කරගන්නා ඡායාරූප ශිල්පීන්ට ද අනගි අවස්ථාවක් වනු ඇති බවයි.

නව ගුවන්යානයේ ආගමනයත් සමඟ මෙරට ජාතික ගුවන්සේවය සතු ඇණියේ ගුවන්යනා සංඛ්‍යාව 23 දක්වා ඉහළ යනවා. නව යානයත් සමඟ එය සතු A330 මාදිලියේ යානා ගණන 10ක් දක්වා ඉහළ යන අතර, A320 මාදිලියේ යානා 13ක් ද SriLankan සතු ව තිබෙනවා.

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications