Home Science News JUICE පරීක්ෂාකර බැලූ Earthrise ආවාටය

JUICE පරීක්ෂාකර බැලූ Earthrise ආවාටය

by Sathya

ජනාදරයට පත් ඡායාරූපයකින් අමරණීයත්වයට පත් වූ චන්ද්‍ර ආවාටයක් පසුගිය දා අපගේ සෞරග්‍රහ මණ්ඩලය තුළ පාරභෞමික ජීවයක් සෙවීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙහෙයුමක ප්‍රධාන භූමිකාවක් ඉටු කළා.

චන්ද්‍රයා මත කිලෝමීටර 40ක විෂ්කම්භයකින් යුතු ව පැතිරී තිබෙන මේ ආවාටය 2018 වසරට පෙර හඳුන්වනු ලැබුණේ Pasteur T ආවාටය ලෙසයි. පෘථිවිය මත වැඩි ම දෙනකුගේ නෙත ගැටුණු චන්ද්‍ර ආවටය මෙය බවට සැලකෙන්නේ 1968 දෙසැම්බර් 24 වැනි දා චන්ද්‍රයා වටා කක්ෂයකට අවතීර්ණ වූ ඇපලෝ 8 මෙහෙයුමේ සිටි ගගනගාමී විලියම් ඇන්ඩර්ස් විසින් ගනු ලැබූ සුප්‍රකට ‘Earthrise’ ඡායාරූපයේ ඉදිරියෙන් මෙය ද සුපසන් ලෙස සටහන් ව තිබීම නිසයි. එම ඡායාරූපයේ අඩ පෘථිවිය චන්ද්‍ර ක්ෂිතිජයෙන් ඉහළට නැඟී එන අයුරු දැක්වෙන අතර, මෙම ආවාටය ද චන්ද්‍ර පෘෂ්ඨය මත ඇති ආකාරය දැකිය හැකියි. 2018 දී මෙම ඡායාරූපය සිහිපත් වන අයුරින් Pasteur T ආවාටය Anders’ Earthrise ලෙස නැවත නම් කරනු ලැබුණා.

ඇන්ඩර්ස් විසින් මෙම ඡායාරූපය ගෙන වසර 60කට ආසන්න කාලයක් ගත ව ඇති මොහොතක පසගිය දා තවත් අභ්‍යවකාශ යානයක් චන්ද්‍රයාය ඉහළින් යමින් Anders’ Earthrise ආවාටයට එබිකම් කළා. ඒ එහි අයස්කාන්ත දර්ශනය දැකබලා ගැනීමට නොව, පාරභෞමික විද්‍යාත්මක අරමුණක් පෙරදැරිවයි.

ඉකුත් දා මෙලෙස Anders’ Earthrise ආවාටය නිරීක්ෂණයට ලක් කළේ 2023 අප්‍රේල් මාසයේ බ්‍රහස්පතිගේ ගැනිමිඩ් චන්ද්‍රයා ඉලක්ක කරමින් ගමන් ඇරඹූ ESA ආයතනයේ Jupiter Icy Moons Explorer (JUICE) යානයයි. මෙහෙයුමට සම්බන්ධ වී සිටින විද්‍යාඥයන් මේ අවස්ථාව යානය සතු විද්‍යාත්මක උපකරණ 10ක් පරීක්ෂා කර බැලීම සඳහා යොදාගත්තා. බ්‍රහස්පතිගේ චන්ද්‍රයන්ගේ ජීවය සෙවීම සඳහා යන ගමනේ එක් වැදගත් පියවරක් වශයෙන් මෙය හඳුනාගත හැකියි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications