පෘථිවි ග්‍රහලොව මත වෙසෙන මිනිසුන්ගේ සංඛ්‍යාව 2022 වසරේ නොවැම්බර් මස 15 වෙනි අඟහරුවාදා දිනයේ බිලියන 8 ක් දක්වා වැඩි වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. මිහිතලය මත සිදු වූ මානව ජනගහන වර්ධනයේ සුවිශේෂී කඩඉමක් වන මෙය මිනිසුන් ලෙස අපේ ජීවිත තිරසාර පැවැත්මක් සඳහා යොමු කරවන වැදගත් සන්ධිස්ථානයක් වනවා.
ක්‍රිස්තු පූර්ව 8,000 දී පමණ කෘෂිකර්මයේ ආරම්භයත් සමග මිලියන 5 ක් පමණ වූ ලොව ජනගහනය ක්‍රිස්තු වර්ෂ 1 වසරේ දී මිලියන 200ක් පමණ දක්වා වැඩි වී තිබෙනවා. එතැන් සිට මේ දක්වා සිදු වූ ජනගහන වර්ධනයේදී ලෝක ජනගහනය බිලියනය ඉක්මවූයේ 1804 වසරේ දීයි. 1927 වසරේ දී බිලියන 2 දක්වා ද, 1960 වසරේ දී බිලියන 3 දක්වා ද, 1974 වසරේ දී බිලියන 4 දක්වා ද, 1987 වසරේ දී බිලියන 5 දක්වා ද, 1998 වසරේ දී බිලියන 6 දක්වා ද වර්ධනය වුණා. එය බිලියන 7 ඉක්මවා ගියේ 2010 වසරේ දීයි. ඉන් පසුගිය 20 වන සියවසේ දී පමණක් ලෝක ජනගහනය බිලියන 1.65 සිට බිලියන 6 දක්වා වැඩි වී තිබීම විශේෂත්වයක්.
චීනය, ඉන්දියාව, අමෙරිකා එක්සත් ජනපදය, ඉන්දුනීසියාව, පකිස්ථානය, නයිජීරියාව, බ්‍රසීලය, බංග්ලාදේශය, රුසියාව,
මෙක්සිකෝව, ජපානය, ඉතියෝපියාව, පිලිපීනය, ඊජිප්තුව, වියට්නාමය, ප්‍රජාතන්ත්‍රවාදී කොන්ගෝ ජනරජය, ඉරානය, තුර්කිය, ජර්මනිය සහ තායිලන්තය අනුපිළිවෙළින් ලෝකයේ වැඩිම ජනගහනයක් ඇති රටවල් විස්ස ලෙස සැලකෙනවා.
මේ අතරින් දැන් බිලියන 1.452 ක් වන වැඩි ම ජනගහනයක් ඇති චීනය අභිබවා දැනට බිලියන 1.412 ක් වන ඉන්දියාවේ ජනගහනය ලබන 2023 වසරේදී පළමු තැනට වැඩි වනු ඇතැයි දැනටමත් ජනගහන විශේෂඥයින් විසින් පුරෝකථනය කර තිබෙනවා.
ලෝක ජනගහනයට වසරකට අලුතින් එකතු වන බිළිඳුන් ගණන මිලියන 67ක් ලෙස සඳහන්.
ඒ අනුව ලෝක ජනගහනය 2037 වසරේ දී බිලියන 9 සීමාවත්, 2058 දී බිලියන 10 සීමාවත් පසු කරනු ඇති බවයි විශේෂඥයන් අපේක්ෂා කරන්නේ.
www.worldometers.info සහ UNFPA ඇසුරෙනි.
ප්‍රේමශාන්ත කුමාරසිරි