Home Science News හෝමෝ නාලෙඩි ගින්දර දැල්වූවා ද?

හෝමෝ නාලෙඩි ගින්දර දැල්වූවා ද?

by Sathya

මිනිසාගේ ඉපැරණි පූර්වතමයෙකු වූ Homo naledi ගිනි මැල අවුලුවන්නට සමත්කම් දක්වන්නට ඇති බව නවතම ගවේෂණයකින් ඉඟි පළ වී තිබෙනවා. මේ සොයාගැනීම කර තිබෙන්නේ දකුණු අප්‍රිකාවේ Rising Star ලෙන් පද්ධතිය තුළිනුයි. වොශිංග්ටනයේ පිහිටි Carnegie Institution of Science හි පැවැති දේශනයක් අතරතුර දී පුරාමානව විද්‍යාඥ ලී බර්ගර් විසිනුයි (Lee Berger) මේ බව හෙළි කෙරුණේ.

H. naledi මානවයින්ගේ මෙතෙක් හමු වී ඇති ෆොසිල මගින් කාල නිර්ණය වී ඇත්තේ ඔවුන්ගේ පැවැත්ම වසර 236,000 සිට 335,000 දක්වා සමයකට විහිදී යන බවයි. එනම් අපගේ වර්ගයා වන Homo sapiens ගේ සම්භවය සිදු වූ සමයේ දී යි. මානවයින් ගින්දර දල්වන්නට පටන්ගත්තේ අදින් වසර 400,000කට පෙර බවයි විද්‍යාඥයන් විශ්වාස කරන්නේ. කෙසේ නමුත් H. naledi නම් මානව විශේෂය එබන්දක් කිරීමට තරම් සංකීර්ණ තලයකට පැමිණි පිරිසක් නො වූ බවයි මෙතෙක් පිළිගැනුණු මතය වූයේ. ඒ ඔවුන්ගේ මොළය නූතන මිනිසාගේ මොළය මෙන් තුනෙන් එකක් තරම් කුඩා වීම හේතුවෙන්. නමුත් බර්ගර්ගේ මේ ගවේෂණය ඒ මතය සහමුලින් ම නිෂ්ප්‍රභ කර දමනවා.

Rising Star ලෙන් පද්ධතිය Homo naledi ෆොසිල වැඩි වශයෙන් හමු වූ බිමක්. බර්ගර් සහ ඔහුගේ පර්යේෂණ කණ්ඩායම සිය කැණීම් කටයුතු සඳහා එහි පැමිණුනේ පසුගිය අගෝස්තුවේ දී යි. මෙහි සිටි පුරාමානව විද්‍යාඥ Keneiloe Molopyaneගේ අදියුරුවමින් සිදු වූ කැණීම්වලින් ඉපැරණි ගිනිමැල සුන්බුන් සොයාගන්නට සමත් හැකි වී තිබුණා. එහි තිබී අඟුරු බවට පත් වූ දැව කොටස් සහ සත්ත්ව ඇටකටු කොටස් ද හමුවුණා.

කෙසේ නමුත් මෙසේ හමු වූ සියල්ලේ ම කාබන් කාල නිර්ණ කටයුතු තව ම සිදු කර නැහැ. ඒවා ඉදිරියේ දී සිදු කරන්නට නියමිතයි. මේ ගවේෂණය සඳහා දායක නොවූ අමෙරිකාවේ ජෝජ් වොෂීංග්ටන් විශ්වවිද්‍යාලයේ පුරාමානව විද්‍යාඥ ඇනුඩෲ බාර් පවසන්නේ මෙසේ සොයාගත් ගිනි මැල ශේෂ සහ H. naledi  ෆොසිල එක ම අවසාධිත ස්ථරයක බව සනාථ කර ගැනීම පර්යේෂකයන් මීළඟට මුහුණ දෙන අභියෝගය වනු ඇති බවයි.

Science News ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි  

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications