Home Science News ලොව විශාලතම ගුවන් යානය පරීක්ෂණ පියාසැරියක

ලොව විශාලතම ගුවන් යානය පරීක්ෂණ පියාසැරියක

by Sathya

වත්මනේ ලොව විශාලතම ගුවන් යානය ලෙස සැලකෙන Stratolaunch Roc යානය පසුගිය දා වාර්තා අලුත් කරමින් පැය හයක පරීක්ෂණ ගුවන් සැරියක් සාර්ථකව නිමා කළා. ඒ කැලිෆෝනියාවේ මොජේව් කාන්තාරයට ඉහළින් පියාසර කරමින්. මේ එම ගුවන් යානය පරීක්ෂණ ධාවනයක් සඳහා ගුවන්ගත කළ නව වන වතාවයි.

Stratolaunch සමාගමට අයත් හැඩයෙන් සාම්ප්‍රදායික ගුවන් යානයක ස්වරූපයට තරමක් වෙනස් Roc ගුවන් යානය බෝයිං 747 එන්ජින් හයකින් බලගැන්වෙනවා. එහි තටු යුගලය අතර මුළු දුර ප්‍රමාණය මීටර 117ක්.  

Stratolaunch සමාගම පිහිටුවනු ලැබුණේ මයික්‍රොසොෆ්ට් සමාගමේ සම-නිර්මාතෘ පෝල් ඇලන් විසින් 2011 වසරේ දීයි. ඒ ගුවන් සැරිය අතර වාරයේ දී රොකට් යානා අභ්‍යවකාශය වෙත මුදාහැරීම අරමුණු කරගෙනයි. මේ ක්‍රමවේදය දැනටමත් Virgin Orbit සමාගම වැඩිදියුණු කරන ලද 747 යානා යොදාගනිමින් සිදු කරනවා. 2018 වසරේ දී සිදු වූ ඇලන්ගේ මරණයත් සමග Stratolaunch සමාගම Cerberus Capital Management විසින් මිල දී ගනු ලැබුණා. ඒත් සමගින් Stratolaunch සමාගමේ අරමුණ ද වෙනස් වුණා. දැන් Roc ගුවන්යානය යොදා ගැනෙන්නේ ගුවනේ සිට කෙරෙන අධිධ්වනික අත්හදා බැලීම් සඳහායි. Roc සතු ව Talon-A නම් වන අධිධ්වනික යානයක් ද පවතිනවා. මෙවර Roc යානය අත්හදා බැලුණේ Talon-A යානය ද දරා සිටින විට දීයි. මේ වසරේ අවසන් කාර්තුව වන විට Talon-A යානය ගුවනේ දී Roc මව් ගුවන්යානයෙන් මුදාහැරෙන අත්හදා බැලීම් ද ඇරඹීමට නියමිතයි. 

Space.com ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications