Home Science News මේ සියවස අවසානයේ ලොව ජනගහනය බිලියන 6 දක්වා අඩු වෙයි ?

මේ සියවස අවසානයේ ලොව ජනගහනය බිලියන 6 දක්වා අඩු වෙයි ?

by Sathya

ක්‍රිස්තු වර්ෂ 2050 වසරේ දී ලෝක ජනගහන වර්ධනය නැවතීමෙන් පසු ක්‍රිස්තු වර්ෂ 2100 වන විට මිහිතලය මත වෙසෙන මිනිසුන් ගණන බිලියන 6 ක් දක්වා අඩු වනු ඇතැයි උපත් ප්‍රවණතා පිළිබඳ නවතම විශ්ලේෂණයකින් අනාවරණය කෙරෙනවා.

The Club of Rome (රෝම සමුළුව) නම් සංවිධානය මඟින් සිදු කරන ලද අධ්‍යයනයකට අනුව ලොව ජනගහනයේ වත්මන් ප්‍රවණතා දිගට ම පැවතුණහොත් බිලියන 7.96 ක් වන වත්මන් ලෝක ජනගහනය මේ සියවස මැද වන විට බිලියන 8.6 ක උපරිම අගයකට ළඟා වීමෙන් අනතූරුව සියවස අවසානයට පෙර බිලියන 2කින් පමණ අඩු වනු ඇතැයි දැක්වෙනවා.

මේ පුරෝකථනය තුළ මනුෂ්‍ය සංහතියට හොඳ මෙන් ම නරක ද සහිත පුවත් පවතිනවා.

මානව ජනගහනයේ අඩු වීම නිසා මිහිතලයේ පාරිසරික ගැටලු ක්‍රමයෙන් සමනය වන්නට ඉඩ ලැබෙනවා.

අනෙක් අතට ජනගහනයේ බැසීම් නිසා සමස්ථයක් ලෙස මිනිස් සංහතිය වයස්ගත වීමෙන් වැඩ කළ හැකි ක්‍රියාකාරී වයසේ පුද්ගලයන්ගේ අනුපාතය අඩු වීමක් ඇති වෙනවා.

එවිට සෞඛ්‍ය පහසුකම් හා විශ්‍රාමිකයන්ගේ පැවැත්ම වෙනුවෙන් වැඩි බරක් දැරීමට සිදුවෙනවා.

පාරිසරික විද්‍යාඥයින් සහ ආර්ථික විද්‍යාඥයින් රැසකගේ එකමුතුවක් වන Earth4All collective මඟින් පසුගිය මාර්තු 27 වැනි දින මේ බව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ නවතම අධ්‍යයනය ජනගහන බෝම්බයක් පිළිබඳව ලොවට අනතුරු හැඟ වූ රෝම සමුළුවේ වර්ධනයේ සීමා පිළිබඳ අනාවරණයේ ඉදිරියට යාමක්.

ලැබී තිබෙන නවතම ප්‍රතිඵලය වෙනත් මෑතකාලීන ජනගහන අනාවැකිවලට වඩා වෙනස්.

නිදසුනක් ලෙස 2022 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කළේ 2050 වසරේ දී ලෝක ජනගහනය බිලියන 9.7 ක් දක්වා පැමිණ 2100 වර්ෂය වන විට එය බිලියන 10.4 ක් වනු ඇති බවයි.

Live Science ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications