Home Science News එක ම WhatsApp ගිණුමට දුරකථන හතරකින් පිවිසීමේ හැකියාව

එක ම WhatsApp ගිණුමට දුරකථන හතරකින් පිවිසීමේ හැකියාව

by Sathya

Meta සමාගම ඊයේ රාත්‍රියේ සිට එක ම WhatsApp ගිණුමට ස්මාට් දුරකථන හතරකින් ප්‍රවේශ (log) වීමේ පහසුකම සපයා දුන්නා.

මේ බව මුලින් ම නිරාවරණය කළේ, Meta සමාගමේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් සිය ⁣Facebook පිටුවේ සටහනක් තබමින්.

මෙතෙක් කල් එක ම මොහොතේ දුරකතන දෙකක් හෝ වැඩි සංඛ්‍යාවක් මඟින් එකවර එක ම WhatsApp ගිණුමට ප්‍රවේශ වීමේ හැකියාව තිබුණේ නෑ. වෙනත් දුරකථනයකින් එයට log වීමට අවශ්‍ය නම් දැනට log වී සිටින දුරකථනය අදාළ WhatsApp ගිණුමෙන් sign out කළ යුතු වුණා. නමුත් මේ නවතම පහසුකම මඟින් එක ම මොහොතේ දුරකථන හතරකින් වුවත් එක ම ගිණුමට log වීමේ හැකියාව ලැබෙනවා.

මෙසේ දුරකථන කිහිපයක් ඔස්සේ log වීමේ දී Android හෝ iOS භේදයක් බලපාන්නේ නැහැ.

දැනට භාවිතා වන WhatsApp ගිණුමේ දුරකථන අංකය ලබා දීමෙන් අනතුරුව ලැබෙන QR කේතය ස්කෑන් කිරීම මඟින් නව උපාංගයට එක ම ගිණුමට ප්‍රවේශ විය හැකියි. මෙහි දී WhatsApp ගිණුම සමග බැඳුණු මූලික ම උපාංගය ලෙස සැලකෙන්නේ මුලින් ම Sign In වූ දුරකථනය වුවත් එය සෑම මොහොතක ම ළඟ තබා ගැනීම හෝ එමඟින් WhatsApp මෘදුකාංගය විවෘත කර තබාගැනීම හෝ සිදුකළ යුතු නැහැ.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications