ඉන්දියාව විසින් දියත් කරන ලද චන්ද්‍රයාන් 3 අද (23) පස්වරු 6.04ට සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩබෑමට නියමිතව තිබෙනවා. ISRO විද්‍යාඥයන් මෙහෙයුමේ සාර්ථකත්වය පිළිබඳ දැඩි විශ්වාසයකින් පසු වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. යම් හෙයකින් අනපේක්ෂිත දෝෂයක් වාර්තා වුවහොත් ඒ සඳහා ද මුහුණ දීමට ඔවුන් සූදානමින් පසු වනවා. කුමක් හෝ අවදානම් සහගත අවස්ථාවක් පැන නැඟුණහොත් ගොඩබැස්වීමේ දිනය අගෝස්තු 27 වැනි දා දක්වා කල් දැමීමට ද හැකියාව තිබෙන බව ISROහි ජ්‍යෙෂ්ඨ බලධාරියෙකු ප්‍රකාශකර තිබුණා.
සියල්ල යථා පරිදි සිදු වුවහොත් අද රාත්‍රිය උදාවන විට සඳෙහි දක්ෂිණ ධ්‍රැවය මතට ගොඩබට පළමු රට බවට ඉන්දියාව පත් ව තිබෙනු ඇති. BRICS සමුළුවට සමභාගී වීම සඳහා දකුණු අප්‍රිකාව වෙත ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දුරස්ථ ව සිට ISRO හා සම්බන්ධ වීමට නියමිතයි.
චන්ද්‍රයාන් 3 රැගත් රොකට්ටුව ISROට අයත් ශ්‍රීහරිකෝටාහි සතිෂ් ධාවන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් උඩුගුවනට නැඟුණේ ඉකුත් ජූලි මස 14 වැනි දිනයි. අගෝස්තු 5 වැනි දා එය චන්ද්‍ර කක්ෂයට පිවිසුණා. පසුගිය 20 වැනි දා එය සිය උන්නතාංශය තවත් අඩු කරමින් කක්ෂය අලුත් කරගනු ලැබුණා. චන්ද්‍රයාන් 3 ‘වික්‍රම්’ ලෑන්ඩර් මොඩියුලයෙන් සහ ‘ප්‍රාග්යාන්’ චන්ද්‍ර රෝවරයෙන් සමන්විතයි. එය එතැන් සිට දින 14ක කාලයක් සක්‍රීය ලෙස චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය ගවේෂණයට ලක් කරනු ඇති.
Jagran සහ Times of India ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි