Home Science News ආටමිස් කල් යයි

ආටමිස් කල් යයි

by Sathya

සඳ මතට නැවතත් මිනිසුන් ගොඩබැස්වීමේ සැලසුම් 2025 වසරේ සිට 2026 වසර දක්වා කල් දමන්නට තීරණය කර ඇති බව නාසා ප්‍රධානී බිල් නෙල්සන් ඉකුත් දා සඳහන් කළා. මතු වන තාක්ෂණික අභියෝග සහ පමා වීම් එයට හේතු වූ බවයි ඔහු සඳහන් කරන්නේ.

ග්‍රීක මිථ්‍යා කතාවල එන ඇපලෝ දෙව් දුවගේ සහෝදරිය වන ආටමිස්ගේ (Artemis) නමින් නම් කළ සඳ වෙතට පුනරාගමනය කිරීමේ මෙහෙයුම් මාලාව NASA විසින් නිවේදනය කෙරුණේ 2017 වසරේ දී යි. පෘථිවියේ උපග්‍රහයා මත තිරසාර මානව පැවැත්මක් සාක්ෂාත් කරගනිමින් එහි දී ලබන අත්දැකීම් අනාගත අඟහරු තරණ මෙහෙයුම් සඳහා ඉවහල් කර ගැනීම ආටමිස් ව්‍යාපෘතියේ මුඛ්‍ය පරමාර්ථය වී තිබුණා.

එහි පළමු මෙහෙයුම වන ආටමිස් 1, 2022 වසරේ සාර්ථක ලෙස සිදු වූයේ පමා වීම් කිහිපයකින් අනතුරු ව යි. ගගනගාමීන්ගෙන් තොර නො නියමු මෙහෙයුමක් වූ ඉන් ඉදිරි මෙහෙයුම් සඳහා යොදා ගැනෙන ඔරායන් යානය සාර්ථක ලෙස සඳ වටා යවමින් පරික්ෂා කර බැලුණා.

නියමු නමුත් සඳ මතට ගොඩබැස්මක් නො කර ආටමිස් 1 ගිය මාර්ගයේ ම යාමට නියමිත ආටමිස් 2 මෙහෙයුමට දින යෙදී තිබුණේ මේ වසරේ අග භාගයටයි. නෙල්සන්ගේ ප්‍රකාශයට අනුව එය ලබන වසරේ සැප්තැම්බරය තෙක් කල් දැමීමට NASA තීරණය කර තිබෙනවා.

ඒ අනුව සඳ මත පය තබන මුල් ම කාන්තාව සහ මුල් ම කළු සමක් සහිත පුද්ගලයා ද ඇතුළත් ආටමිස් 3 මෙහෙයුම 2025 වසරේ සිට 2026 වසර තෙක් කල් දමන්නට පියවර ගෙන තිබෙනවා.

Science Alert ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications