Home Science News පෙම්වතුන්ගේ දිනයේ සඳ බලා යන Odysseus

පෙම්වතුන්ගේ දිනයේ සඳ බලා යන Odysseus

by Sathya

ඇමරිකා එක්සත් ජනපදයේ වාණිජ්‍යමය සඳ තරණ තවත් එක් උත්සාහයක් අද, එනම් ආදරවන්තයන්ගේ දිනයේ දී ක්‍රියාවට නැංවීමට නියමිතයි. Intuitive Machines විසින් සඳ මත ගොඩ බැසීමට සැලසුම් කළ Odysseus යානය අද ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට SpaceX Falcon 9 රොකට්ටුවක් ආධාරයෙන් ඉහළ නැඟීමට නියමිත ව තිබෙනවා.

Odysseus යානය සැලසුම්ගත කාලසටහන්වලට අනුව පෙබරවාරි 22 දා සඳ මතට සුමට ගොඩබැස්මක් කිරීමට නියමිතයි. ඒ පළමු වැනි වතාවට සඳ මතට ගොඩබට වාණිජ්‍යමය හා පෞද්ගලික අංශයේ අභ්‍යවකාශ යානය බවට වාර්තාවක් ද එක් කරමින්. එම වාර්තාව තැබීමට නියමිත ව තිබුණේ Astrobotic සමාගමේ Peregrine ලෑන්ඩරය වුවත්, එය සඳ වෙත යන ගමන ආරම්භ කිරීමට මත්තෙන් පෘථිවි කක්ෂයේ දී අනපේක්ෂිත අනතුරකට ලක් වන්නට සිදු වූ බැවින් එම අවස්ථාව මඟහැරී ගියා.

Odysseus ලෙස නම් ලබා ඇති චන්ද්‍ර ලෑන්ඩරය Intuitive Machinesහි සැලසුම් කර ඇති Nova-C ලෑන්ඩර කාණ්ඩයට අයත් වනවා. අද දින දියත් වන මෙහෙයුම IM-1 ලෙස හැඳින්වෙනවා.

IM-1 මෙහෙයුම මඟින් Odysseus ලෑන්ඩරයෙන් සඳ වෙත යැවෙන විද්‍යාත්මක උපකරණ අතර NASA ආයතනයේ අයබර මෙන් ම වාණිජ්‍යමය අයබර කිහිපයක් ද අයත් වනවා. මේ අතරින් NASA නියෝජනය කරන උපකරණ අතර ගොඩබැස්වීම සිදු වන අවස්ථාවේ දී චන්ද්‍ දුහුවිල්ලේ හැසිරීම අධ්‍යයනය කළ හැකි උපකරණ මෙන් ම ලෑන්ඩරය සුරක්ෂිත ව ගොඩබැස්වීමට උපකාර කරන උපකරණ ද අඩංගු වනවා. එසේ ම රේඩියෝ සංඛ්‍යාත මාපනය කිරීම හා ඉන් චන්ද්‍ර පෘශ්ඨයට වන බලපෑම අධ්‍යයනය කිරීම ද මෙහෙයුමේ ප්‍රධාන අනමුණක් වනවා.

New Scientist සහ Space.com ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications