ලෝක ඝාතකයෙක් අප ළඟින් යයි

Planet Earth and big asteroid in the space. Concept a potentially hazardous object (PHO). Potentially hazardous asteroids (PHAs). Asteroid in outer space near Earth planet. Stony-iron meteorit is solar system. Elements of this image furnished by NASA. ______ Url(s): https://www.nasa.gov/multimedia/imagegallery/image_feature_2159.html Software: Adobe Photoshop CC 2015. Knoll light factory. Adobe After Effects CC 2017. 3ds Max 2016.

ගැටුණහොත් මහා පරිමාණ දේශගුණ විපර්යාසයක් ඇති කිරීමට සමත් “ලෝක ඝාතක” මට්ටමේ යෝධ ග්‍රහකයක් අද දිනයේ පෘථිවියට ආසන්නයෙන් ගමන් ගැනීමට නියමිතයි.

2011 UL21 නම් වන එය දළ වශයෙන් එවරස්ට් කූඨය තරම් විශාල වන අතර වසර 125ක කාලය තුළ පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන සුවිශාල ම අභ්‍යවකාශ වස්තුවක් ද වනවා. එය අද දිනයේ (27) පෘථිවියට සැතපුම් මිලියන 4.1ක් ඈතින් ගමන් ගැනීමට නියමිතයි. විද්‍යාඥයන් සඳහන් කරන පරිදි හිරු වටා දින 1,130ක පරිභමණ කාලයක් ගත කරන එය වසර 110ක කාලයක් ඇතුළත පෘථිවියට ‘ඉතාමත් ම’ ආසන්න ව ගමන් කරන අවස්ථාව මෙයයි.

28 සහ 29 දිනවල දී ග්‍රහකයේ දීප්තිය උපරිම අගයක් ගනු ඇති අතර ප්‍රබල දුරේක්ෂයක ආධාරයෙන් නිරීක්ෂණය කිරීමට ද හැකියාව ලැබෙනු ඇති බව පුරෝකථනය කර තිබෙනවා.

යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සිය (ESA) නිකුත් කළ නිවේදනයක දැක්වෙන පරිදි 2011 UL21, දැනට හඳුනාගෙන ඇති පෘථිවි ආසන්න වස්තූන් (near-Earth objects) අතරින් 99%කට වඩා විශාලත්වයෙන් යුතුයි. “කෙසේ නමුත් එය පෘථිවියේ ගැටීමට කිසිඳු ඉඩක් නැහැ. ජූනි 27 වැනි දා එය පෘථිවියට ආසන්නත ම ලක්ෂ්‍යයට පැමිණියත් එම දුර ප්‍රමාණය පෘථිවියේ සිට සඳට ඇති දුර මෙන් 17 ගුණයක්” ESA සඳහන් කරනවා.

2011 UL21 මුල් ම වරට හඳුනා ගැනුණේ ඇරිසෝනාවේ පිහිටා ඇති දුරේක්ෂ පද්ධතියකින් ක්‍රියාත්මක වන Catalina Sky Survey ව්‍යාපෘතිය මඟින් 2011 වසරේ ඔක්තෝබර් 17 වැනි දායි. ග්‍රහකය කිලෝමීටර 2.5ක දළ විශ්කම්භයකින් සමන්විත වනවා. SETI ආයතනය සඳහන් කරන පරිදි එය සැලකිය යුතු තරමේ ග්‍රහක ඇතුළත් කෙරෙන Apollo කාණ්ඩයට අයත් වන ග්‍රහකයක් වනවා.

මාස ගණනක් තිස්සේ තාරකා විද්‍යාඥයන් 2011 UL21 දෙස ඇස් අළවාගෙන සිටියේ එහි ගමන් පථය පෘථිවියේ පිහිටුම සමඟ ඡේදනය නො වන බව සැකහැර දැන ගැනීමටයි.

Daily Mail ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Related posts

කෘත්‍රිම බුද්ධිය යොදාගනිමින් මෙක්සිකානු රජයේ සුවිශාල දත්ත සොරකමක්

මන්ද තල්මසුන්ගේ සන්නිවේදනය මිනිස් භාෂාවට බෙහෙවින් සමාන බව නවතම පර්යේෂණයකින් හෙළි වෙයි

ලොව පැරණිතම බූවල්ලා පිළිබඳ මතය වෙනස් වෙයි