Home Science News වැඩි ම උන්නතාංශයක් අත්කර ගත් ආධුනික රොකට්ටුවේ වාර්තාව අලුත් වෙයි

වැඩි ම උන්නතාංශයක් අත්කර ගත් ආධුනික රොකට්ටුවේ වාර්තාව අලුත් වෙයි

by Sathya

ඇමරිකාවේ සිසුන් පිරිසක් විසින් යවන ලද උපකක්ෂීය රොකට්ටුවක් වැඩි ම උන්නතාංශයකට ළඟා වූ රාජ්‍ය නො වන මෙන් ම වාණිජ්‍ය ද නො වන රොකට්ටුවට හිමි වාර්තාව බිඳහෙළා තිබෙනවා.

Aftershock II නම් වන එය නිපදවනු ලැබ තිබුණේ ඇමරිකාවේ දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ රොකට් ප්‍රචාලන පර්යේෂණාගාරයේ (University of Southern California’s Rocket Propulsion Lab – USCRPL) සිසුන් පිරිසක් විසින්.

පසුගිය ඔක්තෝබර් 20 වැනි දා නෙවාඩාහි Black Rock කාන්තාරයේ සිට එය දියත් කර තිබුණා. මුහුදු මට්ටමේ සිට මීටර 143,256ක උන්නතාංශයකට ළඟා වූ එය සාමාන්‍ය ජනතාව විසින් නිපදවනු ලැබ එතරම් ඉහළ උන්නතාංශයකට ළඟා වූ ලොව ප්‍රථම රොකට්ටුව ලෙස සැලකෙනවා.

මින් පෙර මේ වාර්තාවට හිමිකම් කී Civilian Space Exploration Team නමැති ආධුනික රොකට් නිර්මාණ කණ්ඩායම විසින් තනන ලද රොකට්ටුව පොළොවේ සිට මීටර 115, 824 ක සීමාව සලකුණු කර තිබුණා. ඒ වාර්තාව පිහිටුවා තිබුණේ 2004 වසරේ දීයි. ඒ අනුව Aftershock II නව වාර්තාව පිහිටුවා ඇත්තේ මීටර 27, 432 ක පරතරයක් තබාගනිමින්.

Interesting Engineering ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications