Home Science News ආලෝක වර්ෂ 160,000ක් ඈතින් ඡායාරූපයට නැඟුණු සෞරෝන්ගේ ඇස

ආලෝක වර්ෂ 160,000ක් ඈතින් ඡායාරූපයට නැඟුණු සෞරෝන්ගේ ඇස

by Sathya

‘Behemoth Star’ නො එසේ නම් මැවුම්කරුවාගේ තරුව යනුවෙන් හැඳින්වෙන WOH G64 නමැති තරුව පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 160,000ක් ඈතින් පිහිටන මහා මැගලනික් වලාවේයි. එහි පළමු වරට සමීප ඡායාරූපයක් ගැනීමට විද්‍යාඥයන් දැන් සමත් ව තිබෙනවා. මෙතෙක් කල් තරුවේ පැවැත්ම ගැන දැන සිටියත් එය සමීප දසුනක් ලෙස නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබෙන තරමේ තාක්ෂණික දියුණුවක් මිනිස් වග ලබා ගනිමින් පවතින්නේ මෑත කලක සිටයි.

ඡායාරූපයේ පෙනෙන්නට ඇති පරිදි දුහුවිලි අංශු සහ වායූන්ගෙන් තැනුණු ‘බිත්තර හැඩැති’ කවචයක් මැද ඇති දීප්තිමත් ගුළියක් මෙන් දිස් වන එය සැබැවින් ම Lord of the Rings ෆැන්ටසි චිත්‍රපටවල එන ⁣’සෞරෝන්ගේ ඇස’ සිහිගන්වන පෙනුමින් යුතු වනවා.

කෙසේ නමුත් විද්‍යාඥයන් පවසන්නේ තාරාමණ්ඩලයක හැඩයෙන් යුතු වළලු මැවුම්කරුවාගේ තරුව වටා දැකගත හැකි වීම එය බිඳ වැටීම අබිමුව සිටින රතු සුපිරි යෝධ තාරකාවක් බව පෙන්වන ලක්ෂණයක් බවයි.

විද්‍යාඥයන් අනාවරණ කරගෙන ඇති පරිදි පසුගිය වසර 10ක කාලය තුළ එහි දීප්තිය ක්‍රමානුකූල ව අඩු වෙමින් පවතින අතර ප්‍රමාණයෙන් වැඩෙමින් සිටිනවා.

නිරෝධනමිතික (Interferometry) උපක්‍රම අනුගමනය කරමින් European Southern Observatory – ESO සහ Very Large Telescope Interferometer (VLTI) මඟින් ලබා ගැනුණු ඡායාරූප එක් කර මේ සමීප, පැහැදිලි ඡායාරූපය ගොඩනඟා තිබෙනවා.

අධ්‍යයනයේ ප්‍රධාන කතුවරිය වන ආචාර්ය Keiichi Ohnaka පවසන්නේ ක්ෂීර පථයෙන් පිටත මන්දාකිණියක මිය යමින් පවතින අදියරේ පසුවන තාරකාවක විශාලනය කරන ලද පැහැදිලි ඡායාරූපයක් ලබා ගැනුණු ප්‍රථම අවස්ථාව මෙය බවයි.

Daily Mail ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications