Home Science News සිනමා දෙබස්වල ප්‍රචණ්ඩකාරී බව ඉහළ ගොස් ඇති බව අධ්‍යයනයක් පෙන්වා දෙයි

සිනමා දෙබස්වල ප්‍රචණ්ඩකාරී බව ඉහළ ගොස් ඇති බව අධ්‍යයනයක් පෙන්වා දෙයි

by Sathya

කාලයත් සමග බිහිවෙමින් තිබෙන සිනමාපටවල ප්‍රචණ්ඩත්වය දැක්වෙන දර්ශන සහ දෙබස් සංඛ්‍යාත්මක ව ඉහළ යමින් තිබෙන බව නව අධ්‍යයනයකින් පෙනී ගොස් තිබෙනවා.

ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කරන ලද මේ අධ්‍යයනයෙන් හෙළි වී ඇත්තේ ඉකුත් 50 වසරක කාලය තුළ මිනී මැරීම් සහ ඝාතනවලට අදාළ චිත්‍රපට දෙබස් වැඩි වී ඇති බවයි.

මේ අධ්‍යයනය සඳහා ඔවුන් 1970 සි‌ට 2000 වසර දක්වා කාලය තුළ තිරගත වූ හොලිවුඩ් චිත්‍රපට 160,000කට අධික ප්‍රමාණයක උපසිරැසි විශ්ලේෂණය කොට තිබෙනවා. එහි දී ඔවුන්ට පෙනී ගොස් තිබුණේ මේ දශක පහකට ආසන්න කාලය තුළ චිත්‍රපට දෙබස්වල “ඝාතක ක්‍රියාපද” භාවිතය ඉහළ ගොස් ඇති බවයි.

“අපරාධ කතා තේමා ඇතුළත් නො වන චිත්‍රපටවල එන චරිත පවා අද අන් කවරදාකටත් වඩා මැරීම් සහ ඝාතන පිළිබඳ කතා කරනවා.” අධ්‍යයනයේ සමකර්තෘවරයෙකු මෙන් ම ඔහායෝ විශ්වවිද්‍යාලයේ සන්නිවේදනය පිළිබඳ මහාචාර්යවරයෙකු ද වන Brad Bushman පෙන්වා දෙනවා. කෙසේ නමුත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ නැග්ම සීඝ්‍රයෙන් සිදු වන්නක් බව පෙනෙන්නට නැති බවයි. එසේ වුව ද සියලු ම ශානරවල හොලිවුඩ් සිනමා නිර්මාණවල අඩු වැඩි වශයෙන් මේ තත්ත්වය දැකගත හැකි බව ඔහු සඳහන් කරනවා.

උපසිරැසි විශ්ලේෂණාත්මක ව විමසීම සඳහා පර්යේෂකයන් යන්ත්‍ර ඉගෙනුම් යෙදුම්වල උපකාරය ලබාගෙන තිබෙනවා. මේ සඳහා OpenSubtitles.org වෙබ් අඩවියෙන් ලබාගත් චිත්‍රපට 166,534ක උපසිරැසි ඇතුළත් කරගෙන තිබෙනවා.

පර්යේෂකයන් මෙහි දී චිත්‍රපටයේ ඇති දෙබස්වල එන සමස්ත ක්‍රියාපද ප්‍රමාණය අතුරින් “ඝාතක ක්‍රියාපද”, එනම් ‘මැරීම’ සහ ‘ඝාතනය කිරීම’ ආදී ක්‍රියාපද ඇතුළත් දෙබස් ප්‍රතිශතය සෙවීමට උත්සුක වී තිබුණා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ අගය ආසන්න වශයෙන් 7%ක් බවයි.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ බිහිවන චිත්‍රපටවල භීෂණකාරී භාෂා භාවිතය සාමාන්‍යකරණය වෙමින් පවතින බවයි.

Interesting Engineering ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications