Home Science News Blue Ghost චන්ද්‍රයාට තවත් ළං වෙයි

Blue Ghost චන්ද්‍රයාට තවත් ළං වෙයි

by Sathya

Firefly Aerospace සමාගම විසින් දියත් කරනු ලැබූ Blue Ghost චන්ද්‍ර ලෑන්ඩරය පෘථිවිය හා සඳ අතර වූ දින හතරක චාරිකාවකින් පසු සඳ වටා කක්ෂයකට අවතීර්ණ වුණා. අදින් සති දෙකකට අඩු කාලයක දී සිදු වීමට නියමිත චන්ද්‍ර ගොඩබැසීමේ කර්තව්‍යය සඳහා එක් පියවරක් වශයෙන් ඉකුත් දා තත්පර 18ක එන්ජින් දහනයක් සිදු කරමින් සිය කක්ෂය තවත් චන්ද්‍රයාට සමීප කළා. එය ලෑන්‍ඩරය චන්ද්‍රයා මතුපිට සිට කිලෝමීටර් 120ක උන්නතාංශයකට රැගෙන ඒමට සමත් වූ අතර ගොඩබෑමේ ක්‍රියාවලිය ආරම්භ වන තුරු ම එම කක්ෂයේ රැඳී සිටිනු ඇති.

ලෑන්ඩරයේ කැමරි මඟින් ලබාගත් චන්ද්‍රයාගේ සමීප වීඩියෝ දසුනක් ද සහිත ව X පණිවුඩයක් තබන Firefly සමාගම පවසන්නේ ලෑන්ඩරය සඳුගේ නො පෙනෙන පස වෙත ඇදී යන විට එය හා පවතින සන්නිවේදනය තාවකාලික ව බිඳ වැටීම බලාපොරොත්තුවෙන් සිටින තත්ත්වයක් බවයි. කෙසේ නමුත් එය අපට පෙනෙන පස ගත කරන කාලය තුළ දී ලබාගන්නා දත්තවලින් උපරිම ප්‍රයෝජනය ලබාගනිමින් Blue Ghost ගොඩබැස්වීම සඳහා අවැසි දහන රටාවන් නිර්ණය කරමින් තිබෙනවා.

සමාගම පවසන පරිදි Blue Ghost චන්ද්‍ර ලෑන්ඩරය සඳ මත ගොඩබසිනු ඇත්තේ එළැඹෙන මාර්තු 02 වැනි දායි.

⁣පසුගිය මාසයේ කෙනඩි අභ්‍යවකශ මධ්‍යස්ථානයේ සිට SpaceX Falcon 9 රොකටයකින් අභ්‍යවකාශගත වූ Blue Ghost NASA ආයතනය මඟින් ප්‍රකාශයට පත් කර ඇති Commercial Lunar Payload Services (CLPS) මෙහෙයුම යටතේ Firefly Aerospace විසින් නිර්මාණය කරන ලද්දක්. පර්යේෂණ හා තාක්ෂණ උපාංග 10ක් පමණ සඳ වෙත රැගෙන යන මේ ලෑන්ඩරය චන්ද්‍රයා මත පරිසරය පිළිබඳ විමර්ශනයේ යෙදීමට නියමිතයි.

Space.com ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications