Home Science News මැලේරියා නසන්න ජාන සංස්කරණයට ලක් වූ මදුරු හමුදා

මැලේරියා නසන්න ජාන සංස්කරණයට ලක් වූ මදුරු හමුදා

by Sathya

විද්‍යාඥයන් මදුරුවන් ජානමය වශයෙන් වෙනස් කිරීමට භාජනය කරමින් මැලේරියා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම අත්හදා බලමින් සිටිනවා. ඔවුන් මේ සඳහා මීමැස්සාගේ සහ අප්‍රිකාවේ වෙසෙන African clawed frog (Xenopus laevis) ගෙඹි විශේෂයේ ජාන උපයෝගී කරගන්නවා. ඉන් මදුරුවන් තුළ මැලේරියා පරපෝෂිතයාගේ වර්ධනය වීම අඩාල කරනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව 2023 වසරේ ගෝලීය ව මැලේරියාව නිසා සිදු වූ පුද්ගල මරණ සංඛ්‍යාව 600,000ක් පමණ වනවා. ඉන් හතරෙන් තුනක් ම අවුරුදු පහට අඩු දරුවන්.

Imperial College London හි ප්‍රවේණිවිද්‍යාඥයෙකු වන ආචාර්ය Nikolai Windbichler පවසන්නේ මැලේරියාව මර්ධනය සඳහා අනුගමනය කළ අනෙකුත් උපක්‍රම අසාර්ථක වූ ප්‍රදේශවලට ජානමය සංස්කරණයට ලක් කළ මදුරුවන් මුදාහැරීම මඟින් යහපත් ප්‍රතිඵල අත්කරගත හැකි බවයි. “මෙහි ඇති වාසිය තමයි, කිසිවෙකු කිසිවක් කළ යුතු නොවීම.” ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා. “උදාහරණයක් වශයෙන් ඔබ මදුරු දැලක් පාවිච්චි කරනවා නම්, යමෙක් එය ඇඳ වටා සකස් කළ යුතුයි. නමුත් මෙය මුළුමනින් ම ජානමයයි. එනිසා කිසිවෙකු ඒ උදෙසා වෙහෙසිය යුතු නැහැ.”

Transmission Zero යනුවෙන් නම් කර ඇති ව්‍යාපෘතිය යටතේ Imperial College හි විශේෂිත කුටීර තුළ මදුරුවන් දහස් ගණනින් වැඩෙන්නට ඉඩහැර තිබෙනවා. මේ ක්‍රියාවලියේ ඇති වැදගත් ම පියවර වන්නේ අනෙකුත් සත්ත්ව විශේෂ දෙකෙන් ලබාගන්නා ජාන ඇතුළත් ප්‍රෝටීනය මදුරු බිත්තර වෙත එන්නත් කිරීමයි.

දෙවැනි පියවර වශයෙන් මෙසේ එන්නත් කරන ලද ජානමය ලක්ෂණ පරපුරෙන් පරපුරට ද ව්‍යාප්ත වන බව තහවුරු කිරීමේ ක්‍රියාවලියක් ද පවතිනවා. මේ ක්‍රමවේදය ඔස්සේ ජාන සංස්කරණය කරන ලද මදුරුවන් සුළු ගහනයක් වුවත් මුදා හැරීමෙන් කාලයත් සමඟ සමස්ත ගහනය ම ප්‍රති-මැලේරියා කළ හැකි බව විද්‍යාඥ අදහසයි.

අප්‍රිකානු මහාද්වීපය දැඩි ලෙස මුහුණ පා සිටින මැලේරියා උවදුර පාලනය කරගැනීමට මේ ක්‍රමවේදය භාවිත කළ හැකි බව පර්යේෂකයන්ගේ අදහසයි.

Abc ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications