Home Science News නෙප්චූන්ගේ උෂාලෝක ප්‍රථම වතාවට කැමරාවට හසුවෙයි

නෙප්චූන්ගේ උෂාලෝක ප්‍රථම වතාවට කැමරාවට හසුවෙයි

by Sathya

දශක ගණනක උපකල්පනයන් තහවුරු කරමින් ප්‍රථම වතාවට නෙප්චූන්ගේ වායුගෝලයේ සිදුවන අධෝරක්ත ඌෂාලෝක ක්‍රියාකාරකම් දැකබලා ගැනීමට පර්යේෂකයන් සමත් වී තිබෙනවා.

1989 දී NASA ආයතනයේ Voyager 2 යානය නෙප්චූන් අසලින් පියාසර කරන විට, ග්‍රහයා සතු යෝධ අයිස් වලාවන් අතර සිදු වන අවුරෝරා හෙවත් ඌෂාලෝක ක්‍රියාකාරකම් පිළිබඳ ඉඟි ග්‍රහණය කරගන්නට සමත් ව තිබුණා. කෙසේ නමුත් යානය සතු වූ උපාංග සාපේක්ෂ වශයෙන් දුර්වල වූ නිසා, එකල ඒ සංසිද්ධිය තහවුරු කරගැනීමේ හැකියාවක් විද්‍යාඥයන් හට තිබුණේ නැහැ. එහෙත් අවසානයේ අති නවීන ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මෙවර ඒ මඟහැරුණු හපන්කම සිදුකිරීමට සමත් වී තිබෙනවා.

“මෙය වසර ගණනක පුරා ගොඩගැසුණු අපේක්ෂාවක ඉටුවීමක්” වොෂින්ටන් ඩීසී හි Association of Universities for Research in Astronomy සංසදයේ Heidi Hammel පවසනවා.

Hammel සහ පර්යේෂණ සගයන් ජේම්ස් වෙබ් දුරේක්ෂයේ ඇත් NIRSpec නමැති බලසම්පන්න අධෝරක්ත ඡායාරූපණ උපාංගය යොදාගනිමින් නෙප්චූන් ඡායාරූපගත කළ අතර පසු ව ග්‍රහලොව මඟින් නිකුත් කෙරෙන ආලෝකය විවිධ තරංග ආයාම යටතේ විශේලේෂණය කර බැලුවා. 2023 වසරේ මේ ක්‍රමය ම යොදාගනිමින් යුරේනස් වායුගෝලයේ අධෝරක්ත උෂාලෝක දැකබලාගැනීමට හැකියාව ලැබී තිබූ අතර මෙවර නෙප්චූන් ග්‍රහලොවේ ද එම සංසිද්ධිය දැකබලාගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

නිම්නා අමරසේකර

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications