Home Science News ජේම්ස් වෙබ් දුටු 2024 YR4

ජේම්ස් වෙබ් දුටු 2024 YR4

by Sathya

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ලෝකය හා ගැටිය හැකි ලැයිස්තුවේ ඉදිරියෙන් ම පසු වන 2024 YR4 ග්‍රහකය ඡායාරූපගත කර තිබෙනවා.

පසුගිය වසරේ අග භාගයේ දී සොයාගන්නා ලද 2024 YR4 ග්‍රහකය, 2032 දී පෘථිවිය හා ගැටීමේ 3%ක සම්භාවිතාවක් ඇති බව මුල් අවස්ථාවේ දී පුරෝකථනය කෙරී තිබුණා. කෙසේ නමු පසු ව සිදු කරන ලද නිරීක්ෂණ මඟින් මේ තර්ජනය ශුන්‍ය දක්වා අවම බව විද්‍යාඥයන් විසින් පිළිගනු ලැබ තිබෙනවා. කෙසේ නමුත් දැනට පවතින දත්ත මත එම වසරේ දී මේ ග්‍රහකය පෘථිවියේ නො ගැටුණත්, සඳ හා ගැටීමේ සුළු සම්භාවිතාවක් පවතින බව පෙනීගොස් තිබෙනවා. සෑම වසර හතරකට වරක් ග්‍රහකය පෘථිවිය දෙසට පැමිණෙන චක්‍රයකට අනුගත ව තිබෙන බව සොයාගෙන තිබෙනවා.

NASA සහ ESA විසින් මෙම ඡායාරූපය මුදාහරිනු ලැබුවේ ඉකුත් බදාදා දිනයේයි. ඝෝෂාකාරී තිත්වලින් යුතු ලපයක් ලෙසින් එහි ග්‍රහකය සටහන් ව තිබෙනු දැකිය හැකියි. වෙබ් දුරේක්ෂය, ග්‍රහකය මීටර 60කට ආසන්න පළලකින් යුතු බවට වූ ගණනය කිරීම නිවරැදි බව තහවුරු කර තිබෙනවා. ආයතන ද්විත්වය පෙන්වා දෙන්නේ එය මහල් 15කින් යුත් ගොඩනැඟිල්ලක උසට සමාන වන බවයි. මෙම නිරීක්ෂණයේ ඇති සුවිශේෂත්වය වන්නේ මිනිසා විසින් මෙතෙක් අභ්‍යවකාශ ගතකොට ඇති බලවත් ම දුරේක්ෂය වන ජේම්ස් වෙබ් මඟින් නිරීක්ෂණයට ලක් වූ කුඩාතම වස්තුව ද 2024 YR4 ග්‍රහකය වීමයි.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥ ඇන්ඩෘ රිව්කින් සඳහන් කරන්නේ, වෙබ් මඟින් කරන ලද මෙම නිරීක්ෂණ අනාගතයේ දී අපට තර්ජනයක් විය හැකි වෙනත් ග්‍රහකවලට මුහුණදීම සඳහා අගනා පෙර පුහුණුවක් ලබාදෙන බවයි.

Phys.org ඇසුරෙනි.

නිම්නා අමරසේකර

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications