Home Science News 2024 YR4 සඳ හා ගැටීමේ සම්භාවිතාව දෙගුණයකින් ඉහළට

2024 YR4 සඳ හා ගැටීමේ සම්භාවිතාව දෙගුණයකින් ඉහළට

by Sathya

පෘථිවිය හා ගැටීමේ සම්භාවිතාව 0.004% දක්වා අතිශය අවම අගයකට බැස තිබෙන 2024 YR4 ග්‍රහකය, චන්ද්‍රයා සමඟ ගැටීමට ඇති සම්භාවිතාව ඉහළ ගොස් ඇති බව NASA ආයතනය නිවේදනය කරනවා.

පසුගිය වසරේ අග සොයාගත් 2024 YR4 ග්‍රහකය 2032 වසරේ දී පෘථිවිය සමඟ ගැටීමේ යම් සම්භාවිතාවක් ඇති බව පෙනී ගියත් වැඩිදුර නිරීක්ෂණවලින් එම අවදානම නො ගැනිය යුතු තරමට හීන බව NASA තීරණය කර තිබෙනවා. ඒ අනුව මේ ග්‍රහකය පෘථිවිය හා ගැටීමේ අවදානම 0.004% ක් තරම් අතිශය අවම අගයකට පහත බැස තිබෙනවා.

කෙසේ නමුත් ජේම්ස් බෙව් අභ්‍යවකාෂ දුරේක්ෂය යොදාගනිමින් සිදුකළ නවතම නිරීක්ෂණ මත පදනම් වූ ගණනය කිරීම්වලින් පෙනී ගොස් ඇත්තේ 2032 දෙසැම්බර් 22 වැනි දා ග්‍රහකය සඳ හා ගැටීමට තිබූ සියයට 1.7% සම්භාවිතාව 3.8%ක් දක්වා, එනම් දෙගුණයකටත් වඩා වර්ධනය වී ඇති බවයි.

කෙසේ නමුත් NASA ආයතනය නිවේදනය කරන්නේ තවමත් ග්‍රහකය සඳේ නො ගැටී යාමට 96.2ක සම්භාවිතාවක් තිබෙන බවයි. යම් හෙයකින් එය ගැටුණත්, ඉන් චන්ද්‍රයා සිය කක්ෂයෙන් පිටතට ඇද දැමීමට තරම් ප්‍රබල බලපෑමක් සිදු නො වන බවත් NASA පවසනවා.

සත්‍ය හෙට්ටිආරච්චි

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications