Home Science News වනාන්තර සිතියම්ගත කිරීමට යන Biomass

වනාන්තර සිතියම්ගත කිරීමට යන Biomass

by Sathya

ESA විද්‍යාඥයන් ලෝකයේ වඩාත් දුරස්ථ, ඝන සහ අඳුරු ඝර්ම කලාපීය වනාන්තරවල විස්තරාත්මක ත්‍රිමාන සිතියම් නිර්මාණය කිරීමේ විප්ලවකාරී මෙහෙයුමකට සූදානම් වෙමින් සිටිනවා. මේ සඳහා විශේෂ රේඩාර් ස්කෑනරයක් සවිකර ඇති Biomass නම් ගවේෂණ යානය යොදාගන්නා අතර මේ මස අග දී එය පෘථිවි කක්ෂයට පිවිසීමට නියමිතයි.

ටොන් 1.25ක් බරින් යුත් මේ චන්ද්‍රිකාව ඉදිරි වසර පහක කාලය තුළ අප්‍රිකානු, ආසියානු මෙන් ම දකුණු අමරිකානු ඝර්ම කලාපීය වැසි වනාන්තරවලට ඉහළින් ගමන් කරමින් මීටර 40ක් උසට වැඩුණු වන වියන් විනිවිද දකිමින් වෘක්ෂ ලතා අධ්‍යයනයේ නිරත වීමට නියමිත ව තිබෙනවා. මෙසේ Biomass විසින් රැස්කරගනු ලබන දත්ත ඔස්සේ වනාන්තරවල අද්විතීය ලෙස සවිස්තරාත්මක ත්‍රිමාන සිතියම් ගොඩනැඟීම සිදුවනවා. විද්‍යාඥයන් පවසන්නේ මිනිස් ඇසෙන් සැඟවී තිබෙන වනාන්තරවලට පවා ඉන් ගැලවීමක් නොමැති බවයි.

අධ්‍යයනයට ලක්වන ඇතැම් වනාන්තර ප්‍රදේශවල බිමට 2%කටත් වඩා අඩු හිරු එළියක් ලැබෙන නමුත්, Biomass කිලෝමීටර 600ක උන්නතාංශයක සිට ඒ සියල්ල අසමසම විභේදනයකින් යුතු ව සිතියම් ගත කරනු ඇති. මේ මෙහෙයුම මඟින් වනාන්තරවල ගබඩා වී ඇති කාබන් ප්‍රමාණය ගණනය කිරීමටත්, ඝර්ම කලාපීය ගස් කපාදැමීම සහ වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම ඉහළ යාම අතර ඇති අන්තර්සම්බන්ධය නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබෙන බව විද්‍යාඥයන් පවසනවා.

සෞන්දර්ය සෙනරත්

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications