Home Science News දිනකට අභ්‍යවකාශ සුන්බුන් කොටස් තුනක්වත් වායු‌ගෝලයට‌ ඇතුළු වන බව ESA කියයි

දිනකට අභ්‍යවකාශ සුන්බුන් කොටස් තුනක්වත් වායු‌ගෝලයට‌ ඇතුළු වන බව ESA කියයි

by Sathya

යුරෝපානු අභ්‍යවකාශ නියෝජිතායතනය (ESA) විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක දැක්වෙන්නේ 2024 වසරේ දී පෘථිවි වායුගෝලයටෙ ඇතුළු වූ අභ්‍යවකාශ සුන්බුන් කොටස් ප්‍රමාණය 1,200ක් පමණ වන බවයි. එනම් දිනකට අභ්‍යවකාශ සුන්බුන් කොටස් තුනක් වත් පෘථිවි වායුගෝලයට ඇතුළු වන බව ගණන්බලා තිබෙනවා.

වාර්තාව පෙන්වා දෙන්නේ අභ්‍යවකාශයේ ඇති කුණු ප්‍රමාණය තව තවත් වේගයෙන් වර්ධනය වෙමින් ඇති බවයි. මේ වන විට සෙන්ටිමීටර 10ට විශාල වස්තූන් 45,000ක් පමණ පෘථිවිය වටා කක්ෂගත ව ඇති බවයි අනුමාන කෙරෙන්නේ. චන්ද්‍රිකා විශ්‍රාම යැවීම, කක්ෂීය ව සිදුවන ඝට්ටන සහ පිපුරුම් හේතුවෙන් පසුගිය වසරේ අලුතින් එකතු වූ ලුහුබැඳිය හැකි කොටස් ගණන 3000ක් පමණ වනවා.

අභ්‍යවකාශයේ ඇති අපද්‍රව්‍යවලට අමතර ව මේ වන විට කක්ෂීය ව පවතින සක්‍රීය අභ්‍යවකාශ යානා ගණන 9,300ක් පමණ වනවා.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications