Home Science News වෙබ් දුටු බ්‍රහස්පතිගේ ඌෂාලෝක

වෙබ් දුටු බ්‍රහස්පතිගේ ඌෂාලෝක

by Sathya

මින් පෙර නොවූ ආකාරයේ සුපැහැදිලි බවකින් යුතු ව බ්‍රහස්පතිගේ වායුගෝලයේ ඇති වන ඌෂාලෝක ඡායාරූපගත කිරීමට ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය සමත් වී තිබෙනවා.

මාධ්‍යය වෙත නිකුත් කෙරුණු මේ ඡායාරූප මුලින් ම ග්‍රහණය කරගෙන තිබුණේ 2023 වසරේ දෙසැම්බර් 25 දිනයි. වෙබ් දුරේක්ෂය බ්‍රහස්පති වෙත හැර වූ විද්‍යාඥයන් යෝධයාගේ උතුරු අර්ධගෝලයේ සිට ව්‍යාප්ත වන ඌෂාලෝක හසුකරගන්නට සමත් වුණා. පෘථිවියේ උතුරු අර්ධගෝලයේ ඇති වන උෂාලෝක වන උත්තරාලෝක (Northern Lights) ඇතිවනවා සේ ම බ්‍රහස්පති මත ද ඌෂාලෝක ඇති වන්නේ සූර්ය සුළඟ සමඟ පැමිණෙන අධි-ශක්ති අංශූන් ඉහළ වායුගෝලයට ළඟා වීමෙන් පසු එහි චුම්භක ක්ෂේත්‍ර මඟින් ධ්‍රැව වෙත යොමු කිරීමෙන්.

කෙසේ නමුත් බ්‍රහස්පති මත උෂාලෝක හටගන්නා තවත් ආකාරයක් තිබෙනවා. වෙබ් දුරේක්ෂ කණ්ඩායම නිකුත් කළ නිවේදනයක දැක්වෙන පරිදි වායුමය යෝධයාගේ උපග්‍රහයෙකු වන අයෝ (Io) මත ඇති යමහල්වලින් විදාරණය වන අංශු බ්‍රහස්පතිගේ චුම්භක ක්ෂේත්‍රයට නතු වීමෙන් ද ඌෂාලෝක හටගනු ලබනවා. බ්‍රහස්පති වායුගෝලයේ ඇති වන ඌෂාලෝක පෘථිවියේ ඌෂාලෝකවලට වඩා වන තවත් ප්‍රධාන සාධකයක් වන්නේ ඒවා සියගුණයක පමණ දීප්තියකින් යුතු වීමයි.

Space.com සහ Associated Press ඇසුරෙනි.

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications