Home Science News දුහුවිලි රකුසා සමඟ සෙල්ෆියක්

දුහුවිලි රකුසා සමඟ සෙල්ෆියක්

by Sathya

අඟහරු මත ගවේෂණ සක්මනේ නියුතු පර්සවරන්ස් රෝවරය ලබාගත් සෙල්ෆි ඡායාරූපයක් පසුගිය දා මාධ්‍ය වෙත මුදාහැර තිබුණා. විශේෂත්වය වන්නේ මේ සෙල්ෆි ඡායාරූපයේ අඟහරු මතින් ඇදී යන ‘දුහුවිලි රකුසෙකු’ ද සටහන් ව තිබීමයි.

තමා වටා භ්‍රමණය වෙමින් ඇදී යන වාතයෙන් සහ දුහුවිලිවලින් යුතු ස්තම්භයක් ‘දුහුවිලි රකුසකු’ නො එසේ නම් Dust Devil යනුවෙන් හැඳින්වෙනවා.

දැකීමට ඉතා අපහසු ළා පැහැයෙන් දිස්වන ලෙස සෙල්ෆි ඡායාරූපයේ සටහන් ව ඇති මේ දුහුවිලි රකුසා ඇදී ගොස් ඇත්තේ රෝවරයට කිලෝමීටර 5ක් ඈතින් බව විද්‍යාඥයන් අනුමාන කරනවා. ඉකුත් බදාදා නිකුත් කරන ලද මේ ඡායාරූපය රෝවරය විසින් ගනු ලැබ ඇත්තේ පසුගිය මාසයේ දීයි. රෝවරය සතු රොබෝතික හස්තයේ පිහිටි කැමරාවෙන් මේ දර්ශනය ග්‍රහණය කරගෙන ඇති අතර එම මොහොතේ ගත් ඡායාරූප 59ක් මිශ්‍රිත ලෙස සකසා අවසන් ඡායාරූපය මෙසේ මාධ්‍යයට මුදාහැර තිබෙනවා.

Associated Press ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications