Home Science News ස්ට්‍රෝස්ගේ ‘Blue Danube’ විශ්වයට මුදාහැ⁣රේ

ස්ට්‍රෝස්ගේ ‘Blue Danube’ විශ්වයට මුදාහැ⁣රේ

by Sathya

ඔස්ට්‍රියානු ජාතික මහා සංගීතඥයෙකු වූ දෙවැනි ජොහාන් ස්ට්‍රෝස් (Johann Strauss II) ගේ 200 වැනි ජන්මදින සැමරුම වෙනුවෙන් ඔහු විසින් සම්පාදනය කරන ලද ‘Blue Danube’ සංගීත ඛණ්ඩය ගැඹුරු අභ්‍යවකාශය වෙත මුදා හැරීමට නියමිත ව තිබෙනවා.

යුරෝපානු අභ්‍යවකාශ නියෝජිතායතනයේ (ESA) මූලිකත්වයෙන් මේ සම්භාව්‍ය සංගීතය වි⁣ශ්වයට මුදා හැරෙන්නේ ලබන මැයි 31 වැනි දා වියානා සිම්ෆනි ඕකෙස්ට්‍රා වාද්‍ය වෘන්දය විසින් එය සජීව ලෙස වාදනය කෙරන අතරතුරයි. මේ වාදනය වියානා, මැඩ්රිඩ් සහ නිව්යෝක් නගරවල පුළුල් තිර මඟින් සජීව ලෙස මහජනයාට දැකබලාගත හැකි පරිදි විකාශය කිරීමට ද කටයුතු සලසා තිබෙනවා. ESA පිහිටුවා වසර 50ක් සපිරීම ද මීට සමගාමී ව සැමරීම විශේෂත්වයක්.

සජීව වාදනය අතරතුර ම විශ්වයට මුදාහැරීම සඳහා එය රේඩියෝ සංඥා බවට තත්කාලීන ව හැරවීමේ හැකියාව ඇතත්, ඇතිවිය හැකි තාක්ෂණික දෝෂ සැලකිල්ලට ගනිමින් ESA තීරණය කර තිබෙන්⁣නේ වාද්‍ය වෘන්දය විසින් ම පුහුණු වීම් අතරතුර පටිගත කළ ශ්‍රව්‍ය පසුරක් මේ සඳහා යොදාගැනීමටයි.

මෙලෙස පෘථිවියේ සිට මුදාහැරෙන ‘Blue Danube’ රැගත් රේඩියෝ සංඥාව ආලෝකයේ වේගයෙන්, එනම් පැයට කිලෝමීටර බිලියනය ඉක්මවූ වේගයකින් ඈතට අදී යනු ඇති. ඒ අනුව එම සංඥාව නිකුත් වීමෙන් තත්පර එකහමාරක් ඇතුළත චන්ද්‍ර කක්ෂය පසුකර යන අතර, විනාඩි 4.5කින් අඟහරු ද, විනාඩි 37කින් බ්‍රහස්පති හා පැය 4කින් නෙප්චූන් ද පසුකර යනු ඇති. පැය 23ක් ඇතුළත එය දැනට පෘථි⁣වියේ සිට දුරින් ම පිහිටි, මිනිසා විසින් නිර්මිත වස්තුව වන වොයේජර් 1 යානය ගමන් කරමින් පවතින කිලෝමීටර බිලියන 24ක දුර සීමාව පසු කර වඩ වඩාත් ගැඹුරු අන්තරීක්ෂ අවකාශය වෙත ඇදී යනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

2008 වසරේ NASA ආයතනයේ 50 වැනි සංවත්සර සැමරුමට සමගාමී ව ඇමරිකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ Beatles විසින් සම්පාදනය වූ ‘Across the Universe’ ගීතය ද ගැඹුරු අවකාශයට විකාශය කෙරුණා.

Associated Press ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications