Home Science News තල්මස් ඇටකටුවලින් තනන ලද පැරැණිතම මෙවලම් තනා ඇත්තේ අදින් වසර 20,000කට පෙර බව සොයාගැනේ

තල්මස් ඇටකටුවලින් තනන ලද පැරැණිතම මෙවලම් තනා ඇත්තේ අදින් වසර 20,000කට පෙර බව සොයාගැනේ

by Sathya

මිනිසා විසින් තල්මසුන්ගේ අස්ථි උපයෝගී කරගනිමින් තනන ලද පැරැණිත ම වස්තූන් මොනවා දැ යි නිශ්චිත වශයෙන් හඳුනාගන්නට සමත් ව සිටිනවා.

දඩයම් කිරීම සඳහා වාතය හරහා පා කර ඇර ඇනෙන්නට සැලැස්විය හැකි පරිදි සිහින් උලක් මෙන් හැඩගන්වා ඇති මෙකී අස්ථි කොටස් හමු වී තිබුණේ ස්පාඤ්ඤයත් ප්‍රංශයත් අතර පිහිටි බිස්කේ බොක්ක (Bay of Biscay) ආශ්‍රිත ව අදින් සියවසකටත් පෙර සිදු කෙරුණු පුරාවිද්‍යාත්මක කැණීම් අතරතුරයි. මෙසේ හමු වූ ආදි මෙවලම් ඉපැරැණි යුගයකට අයත් බව එකල විද්‍යාඥයන්ට පෙනී ගොස් තිබුණත් ඒ අතර තිබූ බොහෝ මෙවලම් කුඩා කොටස්වලට බිඳී ගොස් තිබුණෙන් නිශ්චිත ව ම ඒවායේ වයස පැවසීමේ හැකියාව ඔවුන් සතු වූයේ නැහැ.

පසුගිය දශකයේ සිදු වූ තාක්ෂණික දියුණුව නිසා දැන් ඒවා කෙතරම් පැරැණි ද යන්න නිශ්චිත වශයෙන් පැවසීමේ හැකියාව පුරාවිද්‍යාඥයන් ලබාගෙන තිබෙනවා. විද්‍යාඥයන් පවසන්නේ මේ අතර පවතින වැඩි ම ඉතිහාසයක් හිමි මෙවලම වසර 20,000ක් පමණ පැරැණි බව හෙළි වූ බවයි. නිල් තල්මසුන්ගේ, ෆින් තල්මසුන්ගේ සහ මන්ද තල්මසුන්ගේ මෙන් ම අනෙකුත් විශේෂවල ඇට යොදාගනිමින් මේ මෙවලම් තනා තිබෙනවා.

“මිනිසුන් සහ තල්මසුන් බොහෝ කලක සිට එකිනෙකා හමුවී ඇති බව පැහැදිලි වනවා,” ඇය තල්මසුන් ඇල්ලීමේ ඉතිහාසය අධ්‍යයනය කරන නමුත් මෙකී පර්යේෂණය සඳහා සම්බන්ධ නොවූ බටහිර කැරොලිනා විශ්වවිද්‍යාලයේ විකී ස්සාබෝ පවසනවා.

විද්‍යාඥයන් විශ්වාස කරන්නේ පුරාතන මිනිසුන් ආක්ටික් සහ දකුණු පැසිෆික් ආදී කලාප ද ඇතුළු ව වාසය කළ තල්මසුන්ගේ ඇටකටුවලින් මෙවලම් තනා ඇති බවයි. මින් පෙර හමු වී තිබූ තල්මස් ඇටකටු මෙවලම් අධ්‍යයනයේ දී පැරැණිතම මෙවලම් බවට පත් ව තිබුණේ වසර 5000ක් පැරැණි බවට කාල නිර්ණ වූ මෙවලම්. කෙසේ නමුත් නව පර්යේෂණයෙන් මේ කාල සීමාව අදින් වසර 20,000 දක්වා අතීතයට ගෙන යනවා.

Associated Press ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications