Home Science News යළි වාර්තාවන කෝවිඩ් තත්ත්වයට මුහුණදෙන්නේ කෙසේ ද?

යළි වාර්තාවන කෝවිඩ් තත්ත්වයට මුහුණදෙන්නේ කෙසේ ද?

by Sathya

LF.7 සහ XFG යනුවෙන් හැඳින්වෙන ඔමික්‍රෝන් ප්‍රභේදයට අයත් කෝවිඩ් වයිරසයේ උප ප්‍රභේද දෙක ශ්‍රී ලංකාවෙන් වාර්තා වීම පිළිබඳ මහජනතාව අනියත බියක් ඇතිකරගත යුතු නැතැ යි මෙරට සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (Medical Research Institute – MRI) වයිරස විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සඳහන් කරන්නේ වයිරසයෙන් නව උප ප්‍රභේද හටගැනීම වයිරස පරිණාමය අතින් සාමාන්‍ය සංසිද්ධියක් බවයි.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙරට සෞඛ්‍ය බලධාරීන් ගෝලීය සහ මෙරට තුළ වයිරස ප්‍රභේදයේ හැසිරීම සමීප ව නිරීක්ෂණය කරමින් සිටින බවයි.

සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ ගර්භනී මව්වරුන්, වියපත් පුද්ගලයන් සහ නිදන්ගත රෝගවලින් පීඩා විඳින අය වැනි විශේෂ අවධානයක් ලබා දිය යුතු පුදගලයන්ගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ සැලකිලිමත් විය යුතු බවයි. පූර්ව ආරක්ෂණ මුව ආවරණ පැළඳීම සුදුසු බව ද සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරනවා.

ගාල්ල ජාතික රෝහලේ දී මියගිය මාස එකහමාරක් වයසැකි බිලිඳෙකු කෝවිඩ් 19 ආසාදනය වී සිට ඇති බව තහවුරු කරගෙන තිබෙනවා. කෙසේ නමුත් බිලිඳාගේ මරණයට හේතු වූ වයිරස ප්‍රභේදය මේ වන විට ආසියාවේ පැතිරෙමින් පවතින උප ප්‍රභේදය බවට හඳුනාගෙන නැතැයි වෛද්‍ය ජයමහ සඳහන් කළා.

මේ වන විට ඉන්දියාවේ කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යමින් පවතිනවා. ඊයේ දිනය (1) වන විට එරට හඳුනාගැනුණු කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 3,500 ඉක්මවනවා.

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications