Home Science News 2024 YR4 සඳ හා ගැටීමේ සම්භාවිතාව ඉහළට

2024 YR4 සඳ හා ගැටීමේ සම්භාවිතාව ඉහළට

by Sathya

වාර්තාගත ග්‍රහක අතරින් පෘථිවියේ ගැටීමට වැඩ ම සම්භාවිතාවක් තිබූ ග්‍රහකය ලෙස සුළු කලකට ඉහත දී සලකනු ලැබූ 2024 YR4 ග්‍රහකය නැවත වතාවක් පුවත් මවමින් සිටිනවා. ඒ 2032 වසරේ දී එය සඳ හා ගැටීමට ඇති සම්භාවිතාව නැවතත් වැඩි වීම සමඟයි.

NASA නිවේදනය කරන පරිදි ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය සතු ආසන්න-අධෝරක්ත කැමරාව උපයෝගී කරගනිමින් සිදු වූ නව නිරීක්ෂණ මඟින් පෙනී ගොස් තිබෙන්නේ මින පෙර සඳේ ගැටීමට තිබූ 3.8% ක සම්භාවිතාව 4.3% දක්වා ඉහළ ගොස් ඇති බවයි. ජෝන් හොප්කින්ස් ව්‍යවහාරික භෞතීය විද්‍යා පර්යේෂණාගාරයේ ඇන්ඩි රිව්කින් ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමක් විසින් මීට අදාළ නව ගමන් පථය ගණනය කර තිබෙනවා.

“දත්ත ලැබෙනවාත් සමඟ ගැටුම් සම්භාවිතාවත් වෙනස් වීම සාමාන්‍ය දෙයක්” බව නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. කෙසේ නමුත් මෙම ඝට්ටනය සිදු වුව ද ඉන් සඳේ කක්ෂය වෙනසකට ලක් නො වන බව ද නිවේදනය තහවුරු කරනවා.

බෙන්ගලූරුහි ඉන්දීය තාරකා භෞතික විද්‍යා ආයතනයේ කටයුතු කළ පර්යේෂකයෙකු වන තාරකා විද්‍යාඥ පවන් කුමාර් ද සඳහන් කරන්නේ ගැටුම සිදු වුවත් සඳ ආරක්ෂිත බවයි. ගැටුම නිසා සුන්බුන් කැබලි අභ්‍යවකාශයට විසිරී යන්නට හැකි වුවත්, එවා පෘථිවි වායුගෝලයේ දී නියත වශයෙන් ම දැවී යන තරමේ කුඩා කොටස් වන බවයි ඔහු පවසන්නේ.

Space.com ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications