Home Science News චීනයේ මොළ චිපය සාර්ථකව අත්හදා බැලේ

චීනයේ මොළ චිපය සාර්ථකව අත්හදා බැලේ

by Sathya

මස්තිෂ්ක-පරිගණක අතුරුමුහුණතක් (brain-computer interface – BCI) මිනිසුන් වෙත ස්ථාපනය කරමින් අත්හදාබැලීම් සිදුකරන දෙවැනි රට බවට චීනය පත් වූ බව එරට රජයේ නාලිකාවක් වන CCTV වාර්තා කළා.

මේ අත්හදාබැලීම සඳහා යොදාගෙන ඇත්තේ අධි-වෝල්ටීයතා විදුලි අනතුරකට මුහුණදීම හේතුවෙන් අත් සහ පා අහිමි වූ 37 හැවරිදි පිරිමි පුද්ගලයෙකු බව වාර්තා වනවා. කාසියක ප්‍රමාණයෙන් යුතු අතුරුමුහුණත් උපාංගය ඔහුගේ මොළයට බද්ධ කිරීම සිදුකර තිබුණේ ඉකුත් මාර්තු මාසයේයි. CCTV වාර්තා කරන පරිදි සැත්කමින් සති ගණනක් ඇතුළත ඔහුට පරිගණක තිරයක ඇති කර්සරය පාලනය කිරීමටත්, චෙස් ක්‍රීඩා කිරීමට සහ තවත් පරිගණක ක්‍රීඩා කිරීමට හැකියාව ලැබී තිබෙනවා.

චීන විද්‍යාඥයන්ගේ ඇකඩමිය (Chinese Academy of Sciences’ – CAS), Centre for Excellence in Brain Science and Intelligence Technology සහ ශැංහයිහි ෆුදාන් විශ්වවිද්‍යාලයට අයත් හුවාශන් රෝහල විසින් සහයෝගී ව සිදුකෙරන මේ අත්හදාබැලීම් ලබන වසරේ දී තවත් පුළුල් ලෙස ව්‍යාප්ත වීමට නියමිත ව තිබෙනවා. ඔවුන් අදහස් කරගෙන සිටින්නේ ලබන වසර වන විට 40 දෙනෙකු යොදාගෙන අත්හදාබැලීම් සිදු කිරීමටයි.

Interesting Engineering ඇසුරෙනි.

නිම්නා අමරසේකර

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications