Home Science News හිමපතනය නිසා ALMA මෙහෙයුම් නවතියි

හිමපතනය නිසා ALMA මෙහෙයුම් නවතියි

by Sathya

 

පෘථිවියේ වියළි ම ස්ථානය වෙත මේ දිනවල හිම පතනය වෙමින් පවතින නිසා එහි පිහිටා ඇති ලොව ඇති බලගතු ම දුරේක්ෂයේ මෙහෙයුම් කටයුතු තාවකාලික ව නවතා දමන්නට පියවර ගෙන තිබෙනවා.

සාමාන්‍යයෙන් වසරකට වාර්තා වන වර්ෂාපතනය මිලිමීටර 25ක් තරම් අවම, චිලී රාජ්‍යයේ අටකාමා කාන්තාරයේ කොටසක් මේ වන විට හිම තට්ටුවකින් වැසී පවතිනවා. ලොව වටා තාරකා විද්‍යාඥයන් හට අසීමිත සේවයක් සලසන Atacama Large Millimeter/submillimeter Array (ALMA) සුවිශාල රේඩියෝ දුරේක්ෂ පද්ධතිය පිහිටා තිබෙන්නේ ද එහියි.

මුහුදු මට්ටමේ සිට අඩි 9,500ක් ඉහළින් පිහිටි ALMAහි මෙහෙයුම් ආධාරක සංකීර්ණයට ඉහළින් හිම පතනය ආරම්භ වූ අතර, ඉකුත් 26 වැනි දා සිට ඒ ඔස්සේ සිදු කෙරෙන විද්‍යාත්මක මෙහෙයුම් නවතා දමා තිබෙනවා.

“පසුගිය වසර දහයක කාලය තුළ මූලස්ථාන කඳවුර හිම පතනයකට මුහුණදුන් බවට කිසි ම වාර්තාවක් නෑ. ALMAවට හැමදාම හිම වැටෙන්නේ නෑ!” ALMAහි නියෝජිතයෙකු Live Science වෙත අදහස් පළකරමින් සඳහන් කර තිබෙනවා.

ALMA හි රේඩියෝ දුරේක්ෂ පෙළ ඉදිකර ඇති Chajnantor සානුව මුහුදු මට්ටමේ සිට අඩි 16,800ක් ඉහළින් පිහිටා ඇති අතර, මේ ප්‍රදේශය සාමාන්‍යයෙන් වසරකට හිම පතන ඍතු තුනකට පමණ මුහුණ දෙනවා. කෙසේ නමුත් අඩි 9,840ක් ඉහළින් පිහිටා ඇති ALMAහි මූලස්ථාන කඳවුරට හිමි පතනය වීම සාමාන්‍ය දෙයක් වන්නේ නැහැ.

Space.com ඇසුරෙනි.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications