Home Science News ආජන්ටිනාවෙන් හමු වූ කුඩා දරුවෙකුගේ අමුතු හිස් කබල

ආජන්ටිනාවෙන් හමු වූ කුඩා දරුවෙකුගේ අමුතු හිස් කබල

by Sathya

ඉකුත් මැයි මාසයේ ආජන්ටිනාවේ ජල නල පද්ධතියක් ස්ථාපනය කරමින් සිටි කාර්මිකයන් කිහිපදෙනෙකුට අදින් වසර 700කට පමණ පෙර වල දමන ලද දරුවෙකුගේ හිස් කබලක් හමු වී තිබුණා. මේ අනපේක්ෂිත පුරාවිද්‍යාත්මක සම්මුඛ වීම එරට මාධ්‍යවල වැඩි අවධානයට ලක් වූයේ හිස සතු වූ අසමමිතික හැඩය හේතුවෙන්. ඇතැමුන් මෙය පිටසක්වළ ජීවීන් සමඟ ද ඈඳීමට උත්සාහ කළා.

කෙසේ නමුත් සැබැවින් ම මෙකී හිස්කබලට එම අසාමාන්‍ය පෙනුම ලැබී ඇත්තේ එකල පැවති සංස්කෘතිමය පිළිවෙතක් වූ හිස් කබල් හැඩගැන්වීමේ ප්‍රතිඵලයක් ලෙසින් බවයි ආජන්ටිනාවේ Catamarcaහි පළාත් මානවවිද්‍යා කාර්යාලයේ අධ්‍යක්ෂක Cristian Sebastián Melián සඳහන් කරන්නේ.

වයඹදිග ආජන්ටිනාවේ සැන් ෆර්නැන්ඩෝ ඩෙල් වැලේ ඩි කැටමාකා (San Fernando del Valle de Catamarca) නගරයෙන් මෙකී හිස්කබල හමු වී තිබුණේ ඉකුත් මැයි 27 වැනි දිනයි. අදාළ ස්ථානයට පැමිණි එරට පුරාවිද්‍යාඥයන් හට සිදුවෙමින් පැවති යටිතල පහසුකම් ව්‍යාපෘතියට අදාළව හෑරුණු වලවල් තුළ තිබී ඉන්කා සම්භවයක් සහිත සෙරමික් භාජන සහ ලාමා අවශේෂ කොටස් හමු වී තිබුණා.

කෙසේ නමුත් දරුවාගේ හිස්කබල හමු වී තිබුණේ අඩි කිහිපයක් ඈතින් තිබී හමු වූ තවත් අස්ථි කොටස් සමඟයි. දරුවා ආසන්නයේ තිබී කිසිඳු යමක් හමු නො වූ නමුත් ඒ අසල විසිරී තිබූ මැටි භාජන කොටස් පෙන්නුම් කරන්නේ මරණය අදින් වසර 1100ත් 1300ත් අතර කාලයක සිදු වන්නට ඇති බවයි. පුරාවිද්‍යාඥයන් සැක කරන්නේ හිස් කබල අයත් දරුවා මිය යන විට අවුරුදු 3-4 අතර වයසක පසුවන්නට ඇති බවයි.

Live Science ඇසුරෙනි.

නිම්නා අමරසේකර

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications