Home Science News A400M අලුත් වෙයි

A400M අලුත් වෙයි

by Sathya

Airbus සමාගම සිය A400M ගුවන් යානා මාදිලිය මිලිටරි ක්ෂේත්‍රයේ වැඩියෙන් ම විවිධාංගීකරණයට ලක් වූ යානය බවට පත් කරමින් සිටිනවා. උපායමාර්ගික ප්‍රවාහන ගුවන් යානයක් ලෙස නිෂ්පාදනය වූ A400M යානා මේ වන විට මීළඟ පරම්පරාවේ යුද සංග්‍රාම සඳහා උචිත වන අයුරින් දුරස්ථ පාලන ගිනි නිවීම සහ ඩ්‍රෝන යානා හැසිරිවීම වැනි විවිධ කාර්යයන් සඳහා විශේෂ වන අයුරින් ප්‍රතිසංස්කරණයට ලක් වනවා.

Airbus සඳහන් කරන්නේ රළු භාවිතය සඳහා සුදුසු, කාර්ය සාධනය අතින් ඉහළ හමුදා ගුවන් යානයක් ලෙස ප්‍රකට A400M, අනාගත යුදපිටිය විසින් ඉල්ලා සිටිනු ලබන අවශ්‍යතාවන් ඉටුකර දීම සඳහා හැඩගැසෙමින් පවතින බවයි. ඉහළ හැකියාවන්ගෙන් යුතු බහුකාර්ය ගුවන් යානයක් ලෙස, එය වර්ථමානයේ මෙන් ම අනාගතයේ දී වඩාත් අභියෝගාත්මක අවස්ථාවන්හි දී ඵලදායී ලෙස ක්‍රියාත්මක විය යුතුයි,” Airbus සමාගම පුවත් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

නවීන යුදමය තත්ත්වයන්හි දී පෙරට වඩා වේගවත් මෙන් ම ආරක්ෂිත සන්නිවේදනයන්ගේ අවශ්‍යතාව දැනෙනවා. Airbus සමාගම සිය A400M ගුවන්යානය පියාසර කරන සන්නිවේදන මධ්‍යස්ථානයක් ලෙස සේවයේ යෙදීමට සූදානම් කරමින් සිටින්නේ ඒ අනුවයි. එය දැනට ගුප්ත කේතන රේඩියෝ පද්ධතිවලින් සමන්විත වන නමුත්, මේවා සීමිත දත්ත ධාරිතාවක් භාවිත කරනවා. නව හැඩගැන්වීමත් සමඟ මේ තත්ත්වය වෙනස් වනු ඇති.

එයාර්බස් සමාගම ඕනෑ ම ස්ථානයක සිට සුවිසල් දත්ත හුවමාරුවකට ඉඩ සලසන චන්ද්‍රිකා සම්බන්ධතා A400M වෙත එක් කිරීමට සැලසුම් කරමින් සිටිනවා. චන්ද්‍රිකා සම්බන්ධතා ලබා ගත නො හැකි විට සෘජු රේඛීය-දෘෂ්ටි සන්නිවේදනයට සහාය වන පද්ධතියක් ද මෙයට ඇතුළත් වනවා.

Interesting Engineering ඇසුරෙනි

නිම්නා අමරසේකර

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications