Home Science News ‘සූර්ය පටලයෙන්’ බලගැන්වෙන සිසිලන ඇඳුමක්

‘සූර්ය පටලයෙන්’ බලගැන්වෙන සිසිලන ඇඳුමක්

by Sathya

ජපානයේ ඔසාකාහි ගිම්හාන ඍතුවේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 100 ආසන්න වන විට, Expo 2025 හි කාර්ය මණ්ඩලය උණුසුම හමුවේ සිසිලස ලබා ගැනීමට සූර්ය බලයෙන් බල ගැන්වෙන උපයෝගිතා ඇඳුම් භාවිතා කරනවා.

Toyota සමූහයට අයත් Toyota Gosei සමාගම සූර්ය කෝෂ නිපදවන නැඟී එන සමාගමක් වන Enecoat Technologies සහ රෙදිපිළි නිෂ්පාදන සමාගමක් වන Seiren සමඟ එක් ව මේ කබාය නිර්මාණය කර තිබෙනවා. මේ කබා මත ග්‍රෑම් හතරකටත් වඩා අඩු බරින් යුතු, අතිශය සිහින් සූර්ය පැනල සවි කර ඇති අතර ඒවායින් ගෙල ආසන්නයේ සවිකර ඇති විදුලි පංකාවලට බලය සැපයෙනවා. පවතින දැඩි උෂ්ණත්වය හමුවේ අපහසුතාවකින් තොර ව සිටීමේ හැකියාව එමඟින් ලැබෙනවා.

මෙම සූර්ය “පටල” වර්තමානයේ සූර්ය බලශක්ති වෙළඳපොළෙන් 98%ක් හිමිකර ගෙන ඇති වහලවල් හෝ සූර්ය ගොවිපලවල් මත ස්ථාපනය කර ඇති සිලිකන් පැනල මෙන් නොවෙයි. මෙය පෙරොව්ස්කයිට් හෙවත් එක සමාන ලක්ෂණයන් ඇති ව්‍යුහයක් බෙදා ගන්නා ස්ඵටික පවුලකින් සාදා තිබෙනවා.

පෙරොව්ස්කයිට් සූර්ය සෛල සැහැල්ලු වනවා පමණක් නොව, අඩු නිෂ්පාදන වියදමකින් සහ දෘශ්‍යමය හා ආසන්න-අධෝරක්ත ආලෝකය ඇතුළු පුළුල් ආලෝක පරාසයක් අවශෝෂණය කරගැනීමේ හැකියාවෙන් ද යුක්තයි. ඒවා “සෙවනැල්ල යට, වැසි සහ වලාකුළු සහිත කාලගුණය යට” පවා ආරෝපණය කළ හැකි බව මේ ඇඳුමේ සාර්ථකත්වය පිටුපස සිටින ටොයෝඩා ගෝසෙයි කණ්ඩායමේ අධ්‍යක්ෂ ෂිනිචිරෝ ෆුකි පවසනවා.

නිම්නා අමරසේකර

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications