Home Science News සමස්ත ලෝක ජනගහනයේ සැකසුම් වේගයට වඩා වැඩි වේගයකින් යුතු සුපිරි පරිගණකයක්

සමස්ත ලෝක ජනගහනයේ සැකසුම් වේගයට වඩා වැඩි වේගයකින් යුතු සුපිරි පරිගණකයක්

by Sathya

කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් විද්‍යාත්මක සොයාගැනීම්වල වේගය වැඩි කිරීම සඳහා ජෝර්ජියා ටෙක් සරසවිය සහ එහි හවුල්කරුවන් එරට ජාතික විද්‍යා පදනමෙන් ඩොලර් මිලියන 20ක අරමුදලක් රැස්කරගෙන ඇති අතර, එය එරට වේගවත් ම සුපිරි පරිගණකයක් වනු ඇති බවට විශ්වාස කෙරෙන Nexus සංවර්ධනය කිරීම සඳහා භාවිත කරනු ඇති බවට වාර්තා වනවා.

2026 වසන්ත ඍතුව අවසානයේ දී Nexus සුපිරි පරිගණකය තත්ත්පරයට ක්වඩ්‍රිලියන 400කට අධික මෙහෙයුම් ධාරිතාවයක් ලබා දෙනු ඇති අතර, එය ලෝකයේ සෑම පුද්ගලයෙකු ම තත්ත්පරයට ගණනය කිරීම් මිලියන 50ක් අඛණ්ඩව සිදු කිරීමට සමාන වනවා.

කෘත්‍රිම බුද්ධිය සහ අධි-ක්‍රියාකාරී පරිගණනයන් (high-performance computing – HPC) වෙනුවෙන් ම සැලසුම් කර ඇති Nexus පරිගණකය නව ඖෂධ සොයාගැනීම, දේශගුණ මොඩල තැනීම සහ රොබෝතික නවෝත්පාදනය ආදී ක්ෂේත්‍ර ගණනාවක භාරදූර ගණනයන් සිදු කිරීමේ හැකියාව එය සතුයි.

“[ඇමරිකානු] ආර්ථිකයේ විප්ලවයන් බලගන්වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ප්‍රමුඛ ප්‍රභවය වීම සම්බන්ධයෙන් ජෝර්ජියා ටෙක් අප ආඩම්බර වෙනවා” යැ යි ජෝර්ජියා ටෙක් හි සභාපති ඒන්ජල් කැබ්රේරා සඳහන් කරනවා.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications