Home Science News මධ්‍යකාලීන යුගයේ විසූ නයිට්වරයෙකුගේ සම්පූර්ණ ඇටසැකිල්ලක් සොයාගැනේ

මධ්‍යකාලීන යුගයේ විසූ නයිට්වරයෙකුගේ සම්පූර්ණ ඇටසැකිල්ලක් සොයාගැනේ

by Sathya

පෝලන්තයේ Gdańsk නගරයේ පිහිටි අයිස්ක්‍රීම් අලෙවිසැලක් යටින් මධ්‍යතන යුගයේ විසූ නයිට්වරයෙකුගේ පරිපූර්ණ ඇටසැකිල්ලක් හෙළිකරගැනීමට එරට පුරාවිද්‍යාඥයන් සමත් ව තිබෙනවා.

මෙම නගර මධ්‍යය පුරාවිද්‍යාඥයන්ගේ අවධානයට ලක් ව පැවතුණේ 2023 වසරේ සිටයි. ArcheoScan නමැති පෝලන්ත පුරාවිද්‍යා සමාගම සඳහන් කරන පරිදි මුල දී මධ්‍ය කාලීන නයිට්වරයෙකුගේ රූපය කොටන ලද සොහොන් ගලක් සොයාගැනීමට ද හැකි වී තිබුණා.

මෙම වසරේ ජූලි මාසයේ දී එම සොහොන් ගල ආරක්ෂිත ව ඉවත් කරන ලද අතර, සොහොන තුළ තිබී වැඩිහිටි වියේ පසු වූ පිරිමි පුද්ගලයකුගේ සම්පූර්ණ ඇටසැකිල්ලක් සොයා ගැනීමට හැකි වී තිබුණා. පුරාවිද්‍යාඥයන් අනුමාන කරන්නේ මෙම නයිට්වරයා 13 සහ 14 සියවස් අතර කාලයේ ජීවත් වන්නට ඇති බවයි.

“මෙම සොයාගැනීම අසාමාන්‍ය වැදගත්කමකින් යුතු වන බවත් පෝලන්තයේ මෑත කාලීන ව සිදු වූ වඩාත් වැදගත් පුරාවිද්‍යාත්මක සොයාගැනීම්වලින් එකක් බවත් පුරාවිද්‍යාඥ සහ ArcheoScan හි අධ්‍යක්ෂ සිල්වියා කුර්සින්ස්කා සඳහන් කරනවා.

සොහොන්ගල නිපදවා තිබුණේ එකල ඉහළ වටිනාකමකින් යුතු වූ ගෝට්ලන්ඩ් හුණුගල්වලින්. එහි පිටත මතුපිට යුද ආම්පන්න සහ යුද ආවරණ සහිත නයිට්වරයෙකුගේ රුව කැටයම් කර තිබෙනවා.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications