Home Science News ඔස්ට්‍රේලියාවේ පළමු කක්ෂීය රොකට්ටුව පරීක්ෂණ පියාසැරියේ දී කඩාවැටේ

ඔස්ට්‍රේලියාවේ පළමු කක්ෂීය රොකට්ටුව පරීක්ෂණ පියාසැරියේ දී කඩාවැටේ

by Sathya

ඕස්ට්‍රේලියාවේ Gilmour Space සමාගමේ නිෂ්පාදිත Eris රොකට්ටුව ඉකුත් 29 දා ක්වීන්ස්ලන්තයේ වෙරළබඩ පිහිටි Bowen Orbital Spaceportහි සිට දියත් කෙරුණා. මෙය ඕස්ට්‍රේලියාව විසින් දියත් කරන ලද පළමු කක්ෂීය රොකට්ටුව වීම විශේෂත්වයක්.

කෙසේ නමුත් එය වැඩි දුරක් ඇදී යාමට සමත්කම් දැක්වූයේ නැහැ. දියත් කිරීමේ පුවරුවෙන් නිදහස් වීමෙන් පසු රොකට්ටුව දෙපසට වැනෙන්නට පටන්ගත් අතර, ඉහළ යමින් ගත වූ 14 වැනි තත්ත්පරයේ දී එය යළි පොළොව වෙත කඩා වැටී විනාශයට පත් වුණා.

කෙසේ නමුත් රොකට්ටුවක් එහි පළමු ගුවන් ගමනේ දී සම්පූර්ණයෙන් ම සාර්ථක වීම බලාපොරොත්තු විය නොහැකියි. Gilmour Space සමාගම ද සඳහන් කර තිබුණේ මෙම උඩුගුවන්ගත කිරීම සම්පූර්ණ සාර්ථකත්වයකින් අවසන් වන බවට ඔවුන් ද අපේක්ෂා නො කළ බවයි.

“අද, Eris ඕස්ට්‍රේලියානු භූමියෙන් ගුවන් ගත වූ පළමු #ඕස්ට්‍රේලියානු නිෂ්පාදිත කක්ෂීය රොකට්ටුව බවට පත් වුණා. — තත්පර 14ක පියාසැරියක් සහ තත්පර 23ක එන්ජින් දහනයක් එය වාර්තා කළා. සාර්ථක උඩුගුවන් ගත කිරීමේ හැකියාව සඳහා තැබූ විශාල ඉදිරි පියවරක්. කණ්ඩායම ආරක්ෂිතයි, දත්ත සියල්ල සුරක්ෂිතයි. ඊළඟ බලාපොරොත්තුව ටෙස්ට්ෆ්ලයිට් 2 වෙත.” Gilmour Space සමාගම ධනාත්මක ආකල්පයකින් යුතු X පණිවුඩයක් පළ කර තිබුණා.

“අලුත් රොකට් වැඩසටහනකට, දියත් කිරීමේ පුවරුවෙන් ඉහළ නැඟීම ම දැවැන්ත පියවරක්. මෙය අපගේ රොකට් පද්ධති, අපගේ ප්‍රචාලන තාක්ෂණය සහ අපගේ අභ්‍යවකාශ තොටුපළේ පළමු සැබෑ පරීක්ෂණ අත්හදාබැලීම වූ අතර, ඉන් අප තැනූ බොහෝ දේවල් නියමාකාරයෙන් ක්‍රියාත්මක වන බව ඔප්පු වුණා.” Gilmour Spaceහි ප්‍රධාන විධායක නිලධාරී ඇඩම් ගිල්මෝර් සඳහන් කරනවා.

ඉකුත් මාර්තු මාසයේ ඕස්ට්‍රේලියාව මුහුණදුන් ඇල්ෆ්‍රඩ් සුළි කුණාටු තත්ත්වය නිසා මෙන් ම ඉකුත් මැයි මාසයේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම පරීක්ෂණ පියාසැරිය දෙවතාවක් පමණ කල් දැමීමට සිදු ව තිබුණා.

නිම්නා අමරසේකර

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications