Home Science News වත්මන් මානවරූපී රොබෝවන්ගේ දුර්වලතාව හඳුනාගත් Sony

වත්මන් මානවරූපී රොබෝවන්ගේ දුර්වලතාව හඳුනාගත් Sony

by Sathya

Boston Dynamicsහි ඇට්ලස් රොබෝව තම පුහුණුවීම් කරන ආකාරය හෝ Figureහි නවතම මානවරූපී රොබෝවරු රෙදි සෝදන යන්ත්‍රයකට රෙදි පටවන ආකාරය බැලූ විට, රොබෝවන් විප්ලවයක් ආසන්නයේ සිටින බව හැඟී යන්නේ නිරායාසයෙන්. බාහිරින් බලන විට, ඉතිරි ව ඇති එක ම අභියෝගය ලෙස පෙනෙන්නේ මෙම යන්ත්‍රවලට තථ්‍ය ලෝක පරිසරය තුළ යථාර්ථවාදී ලෙස හැසිරීමට හැකි වන පරිදි කෘත්‍රිම බුද්ධිමය මෘදුකාංගය පරිපූර්ණ කිරීම බවයි.

නමුත් කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ සමාගම් ඊටත් වඩා ගැඹුරු ගැටලුවක් ඇති බව හඳුනාගෙන තිබෙනවා. මෑතකදී පර්යේෂණ හවුල්කාරිත්වයන් සඳහා ඉල්ලීමක් සිදුකරමින්, Sonyහි රොබෝ තාක්ෂණ අංශය, ඔවුන්ගේ රොබෝ යන්ත්‍රවල ප්‍රගතියට බාධාවක් වන මූලික ගැටලුවක් ඉස්මතු කළා.

ඔවුන් සඳහන් කළේ, වර්තමාන මානවරූපී සහ සත්වයින් අනුකරණය කරන රොබෝවරුන්ට “සීමිත සන්ධි ගණනක්” ඇති බවත්, මෙය ඔවුන්ගේ චලනයන් සහ ඔවුන් අනුකරණය කරන විෂයයන්ගේ චලනයන් අතර “විෂමතාවයක්” ඇති කරන බැවින්, එමඟින් ඔවුන්ගේ වටිනාකම සැලකිය යුතු ලෙස අඩු කරන බවයි.

Sony සමාගම මෙම දුර්වලතා වළක්වාගත හැකි නව “ව්‍යුහාත්මක යාන්ත්‍රණ” සඳහා ඉල්ලා සිටිනවා. ඉන් වඩාත් බුද්ධිමත් භෞතික ශරීරවලින් සහ ගතික චලනයන්ගෙන් හෙබි රොබෝවන් නිර්මාණය කිරීමට හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

මූලික ගැටලුව වන්නේ මානවරූපී රොබෝවරුන් සාමාන්‍යයෙන් සකස් කර ඇත්තේ සියල්ල මධ්‍යගතව පාලනය කරන මෘදුකාංග වටා වීමයි. ස්වාභාවික හැසිරීමකට ඇති බාධාව ද මෙයයි.

ක්‍රීඩකයෙකු ලාලිත්‍ය ව සහ කාර්යක්ෂම ව චලනය වන්නේ ඔවුන්ගේ ශරීරය ක්‍රියා කරන ඒකාබද්ධ, නම්‍යශීලී කශේරුකා සහ සංනාදයක් නිසායි. ඊට වෙනස් වන, වත්මන් මානවරූපීන් ලෝහ සහ මෝටරවලින් මෙන් ම සීමිත නිදහස් චලනයන් සහිත දැඩි එකලස් කිරීමක් ලෙස හඳුන්වා දිය හැකියි.

නිම්නා අමරසේකර

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications