Home Science News NASA සහ Google එක් ව පුහුණු කරන කෘත්‍රිම බුද්ධි වෛද්‍ය සහායක

NASA සහ Google එක් ව පුහුණු කරන කෘත්‍රිම බුද්ධි වෛද්‍ය සහායක

by Sathya

NASA සහ Google එක්ව දිගු කාලීන ගගනගාමී මෙහෙයුම්වල දී ගගනගාමීන්ට සහාය වීම සඳහා AI වෛද්‍ය සහකාරයකු පරීක්ෂා කිරීමට කටයුතු කරමින් සිටිනවා.

ආටමිස් වැඩසටහන තුළින් මිනිස් අභ්‍යවකාශ ගවේෂණයේ නව යුගයකට කැපවී සිටින NASA ආයතනය, Crew Medical Officer Digital Assistant (CMO-DA) නම් Clinical Decision Support System (CDSS) වර්ගයේ සායනික තීරණ සහායක පද්ධතියක පරීක්ෂාවක් සඳහා Google සමඟ එක් ව කටයුතු කරමින් සිටිනවා. මෙම ඩිජිටල් සහායකයා, පහළ පෘථිවි කක්ෂයෙන් ඔබ්බට එනම්, චන්ද්‍රයා සහ අඟහරු වෙත හෝ ඉන් ඔබ්බට යන මෙහෙයුම්වල දී, ගගනගාමීන්ට වෛද්‍යමය සහාය ලබා දෙනු ඇති අතර, කාර්ය මණ්ඩලයේ රෝග ලක්ෂණ ස්වයංක්‍රීය ව හඳුනාගෙන ප්‍රතිකාර කිරීමේ හැකියාවෙන් හෙබි වනු ඇති.

“අභ්‍යවකාශ ගවේෂණ පිළිබඳ ව පුහුණු කරන ලද මෙම කෘත්‍රිම බුද්ධි පද්ධතිය, කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යය සහ කාර්ය සාධනය පිළිබඳ තත්කාලීන විශ්ලේෂණ ආරක්ෂිත ව ලබා දීම සඳහා උසස් ස්වභාවික භාෂා සැකසුම් සහ යන්ත්‍ර ඉගෙනුම් තාක්ෂණයන් භාවිතා කරනවා” යැ යි ගූගල් නියෝජිතයන් පසුගිය අගෝස්තු 8 වැනි දා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. නිවේදනයට අනුව, මූලික ප්‍රතිඵලවලින් පෙනී යන්නේ වාර්තා වූ රෝග ලක්ෂණ මත පදනම් ව විශ්වාසදායක රෝග විනිශ්චයන් කිරීමේ හැකියාව පද්ධතිය සතු බවයි. NASA සහ Google දැන් වෛද්‍යවරුන් සමඟ එක් ව මෙම ආකෘතිය තවදුරටත් පරීක්ෂා කිරීමට සහ වැඩිදියුණු කිරීමට කටයුතු කරමින් සිටිනවා.

සෞන්දර්ය සෙනරත්

 

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications