Home Science News මිලිටරිමය ඩ්‍රෝන මව් යානාවක් අත්හදා බැලේ

මිලිටරිමය ඩ්‍රෝන මව් යානාවක් අත්හදා බැලේ

by Sathya

විශාල ඩ්‍රෝන යානා කුඩා මිසයිල වැනි අවි දියත් කළ හැකි මව් යානා වශයෙන් යොදාගත හැකි බව මිලිටරිමය අත්හදාබැලීම් පෙන්වා දී තිබෙනවා. ඒ General Atomics’ Block 5 MQ-9A ඩ්‍රෝන යානයක Switchblade 600 loitering munition පටවා සිදු කළ සාර්ථක පරීක්ෂණ පියාසැරියක් මඟින්.

ඉකුත් ජුලි මස 22-24 දිනවල එක්සත් ජනපද යුද හමුදාවේ යුමා ප්‍රෝවිං ග්‍රවුන්ඩ්ස් පරීක්ෂණ අඩවියේ දී සිදු වූ මෙම අත්හදාබැලීමට පෙර Switchblade 600 අවි නියමු රහිත ගුවන්යානයක සිට මුදා හැර නො තිබීම විශේෂත්වයක්. මෙම අත්හදාබැලීම සඳහා General Atomics Aeronautical Systems සහ AeroVironment සමාගම් සහයෝගීව කටයුතු කර තිබෙනවා.

“මෙම සහයෝගී උත්සාහය, නියමු රහිත තාක්ෂණයන් ඒකාබද්ධ කිරීමෙන් යුද බලකායට සැබෑ අගයක් සහ බලපෑමක් එල්ල කළ හැකි ආකාරය පෙන්නුම් කළා” යැයි GA-ASI හි සභාපති ඩේවිඩ් ආර්. ඇලෙක්සැන්ඩර් පවසනවා.

සමාගම හෙළි කළේ, ගුවන් පරීක්ෂණයේ දී සාර්ථක දියත් කිරීම් දෙකක්, නිරවද්‍ය ඉලක්කගත කිරීම, සහ යාවත්කාලීන මාර්ගෝපදේශ, සංචලන, පාලන පද්ධති, සහ ඉහළ කාර්යසාධනයක් සහිත බර පටවන (payload) ඒකාබද්ධ කිරීම් ඇතුළුව තත්‍ය-කාලීන දත්ත සම්ප්‍රේෂණ අභ්‍යාසයන් මෙම පරීක්ෂණයේ දී අත්හදා බැලුණු බවයි.

නිම්නා අමරසේකර

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications