Home Science News Crew 12 මෙහෙයුමෙන් රුසියානු ගගනගාමියෙකු නෙරපා හැරේ

Crew 12 මෙහෙයුමෙන් රුසියානු ගගනගාමියෙකු නෙරපා හැරේ

by Sathya

ඇමරිකානු ජාතික ආරක්ෂණ රෙගුලාසි උල්ලංඝනය කළ රුසියානු ගගනගාමියෙකු මීළඟ SpaceX මෙහෙයුමෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන පෙබරවාරියේ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත දියත් කිරීමට නියමිත Crew 12 මෙහෙයුමෙන් ඔලෙග් ආටේමියෙෆ් යන අය නෙරපා ඇති අතර, රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය වන රොස්කොස්මොස් නිවේදනය කර ඇත්තේ ඒ වෙනුවට රුසියානු ගගනගාමී අන්ද්‍රෙයි ෆෙද්‍යයේෆ් ආදේශ කර ඇති බවයි.

රුසියානු ගවේෂණාත්මක වෙබ් අඩවියක් වන The Inside වාර්තා කර ඇත්තේ 54 හැවරිදි ඔලෙග් ආටේමිටෙෆ් Crew 12 මෙහෙයුමෙන් ඉවත් කර ඇත්තේ එරට තාක්ෂණය පිළිබඳ සංවේදී තොරතුරු පිටතට කාන්දු වීම වැළැක්වීමේ අරමුණින් බලාත්මක International Traffic in Arms Regulations (ITAR) නමැති ඇමරිකානු නීතිය කඩ කිරීමේ වරද යටතේ බවයි.

රොකට් දියත් කිරීම් විශ්ලේෂකයෙකු වන ග්‍රෙගරි ට්‍රිෂ්කින්ගේ අභ්‍යන්තර සබඳතා මාර්ගයෙන් ලබාගත් තොරතුරු මත The Inside වාර්තා කරන්නේ එම ගගනගාමියා SpaceX සතු සංවේදී ලේඛන ඡායාරූපගත කර ඒවා සිය දුරකථනය මාර්ගයෙන් පිට කරීමට උත්සාහ දරා ඇති බවට චෝදනා එල්ල වී ඇති බවයි.

මේ සිදුවීමට අදාළ ව අභ්‍යන්තරික විමර්ශනයක් සිදු වෙමින් පවතින බව ද The Insider වාර්තා කරනවා. මෙය සිදු වී තිබෙන්නේ ආ⁣ටීමියෙෆ් කැලිෆෝනියාවේ හෝත්වෝර්න්හි පිහිටි SpaceX මූලස්ථානයේ පෙරහුරුවල නිරත ව සිටින අතරතුරයි. ඉකුත් සතිය තුළ SpaceX සතු එන්ජින් සහ අනෙකුත් සංවේදී තාක්ෂණික අංගෝපාංග ඡායාරූපගත කර ඇති බව ඔහුට එල්ල නී ඇති චෝදනාවයි.

දින 560ක මුළු කාලයක් අභ්‍යවකාශයේ ගත කර ඇති ⁣ඔලෙග් ආටීමිටෙෆ් 2014, 2018 සහ 2022 වසරවල දී ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත ගොස් තිබෙනවා.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications