Home Science News ​රසදිය දන්ත පිරවුම් 2034 දක්වා පමණයි

​රසදිය දන්ත පිරවුම් 2034 දක්වා පමණයි

by Sathya

ලොව පුරා රටවල්වල සියවස් දෙකකට ආසන්න කාලයක් භාවිත කළ රසදිය මත පදනම් වූ දන්ත පිරවුම් තහනම් කිරීමට සූදානම් වනවා.

​2034 වන විට, ගෝලීය වශයෙන් දන්ත කුහර පිරවීම සඳහා සාමාන්‍යයෙන් භාවිතා කරන ද්‍රව්‍යයක් වන දන්ත පිරවුම් සංයෝග (dental amalgam) භාවිතය අදියරෙන් අදියර ඉවත් ව යාමට නියමිතයි. මෙය රසදිය දූෂණය අවම කිරීම සඳහා වන ප්‍රධාන ජාත්‍යන්තර ප්‍රයත්නයක කොටසක් වනවා. 2013 රසදිය පිළිබඳ වන මිනමතා සම්මුතියට එක් වූ රටවල් 150කට අධික සංඛ්‍යාවක් ජිනීවාහි දී මෙම කාල සීමාවට එකඟ වී ඇති අතර, මෙය මහජන සෞඛ්‍යය සහ පාරිසරික ආරක්ෂාව සඳහා ඉතා වැදගත් පියවරක් ලෙස හඳුන්වා දෙනු ලබනවා.

​රසදිය මිනිස් සිරුරට විෂ සහිත වන අතර, උෂ්ණත්වමාන, බැටරි සහ රූපලාවණ්‍ය වැනි නිෂ්පාදනවල එහි භාවිතය දැනටමත් බොහෝ රටවල තහනම් කර ඇතත්, දන්ත වෛද්‍ය විද්‍යාවේ එහි භාවිතය මෙතෙක් නො නැසී පැවතුණා. කෙසේ වෙතත්, එය දැන් වෙනස් වෙමින් පවතිනවා. විශේෂයෙන් ම අප්‍රිකානු රටවල් කිහිපයක් 2030 වන විට රසදිය භාවිතයේ වේගවත් කප්පාදුවක් සඳහා බලපෑම් කර ඇති අතර, රසදිය ඇමල්ගම් නිෂ්පාදනය සහ වෙළඳාම සම්පූර්ණයෙන්ම නතර කරන ලෙස ඉල්ලා සිටියා. නමුත් සාකච්ඡා කිරීමෙන් පසු 2034 වසර සම්මුතියක් ලෙස පිළිගැනුණා. සෞඛ්‍ය පද්ධතිවලට සංක්‍රාන්ති වීමට තවත් කාලය අවශ්‍ය බව තර්ක කළ එක්සත් රාජධානිය, ඉරානය සහ ඉන්දියාව වැනි රටවල් ඊට විරෝධය පළ කළ ද, මෙම එකඟතාව යථාර්ථවාදී සහ විද්‍යාත්මක සැලැස්මක් ලෙස ප්‍රශංසාවට ලක් වනවා.

​පිරවුම්වලට අමතර ව, ජිනීවා සමුළුව මඟින් කර්මාන්ත හරහා රසදිය ඉලක්ක කරගත් තවත් ක්ෂේත්‍ර 21ක් සඳහා ක්‍රියාමාර්ග අනුමත කර තිබෙනවා. මෙලනින් නිෂ්පාදනය අඩු කිරීම සඳහා බොහෝ විට රසදිය අඩංගු වන ලෙස නිපදවන සමේ පැහැය දීප්තිමත් කරන ආලේපන (skin-lightening cosmetics) තවත් ප්‍රධාන ගැටලුකාරී ක්ෂේත්‍රයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. රසදිය යොදාගෙන සිදු කරන මෙවැනි නිෂ්පාදන භයානක වන අතර, බොහෝ රටවල ඒවා නීතිවිරෝධී ද වනවා.

නිම්නා අමරසේකර

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications