Home Science News මහාචාර්ය රේ ජයවර්ධන කැල්ටෙක් සරසවියේ සභාපති ධුරයට

මහාචාර්ය රේ ජයවර්ධන කැල්ටෙක් සරසවියේ සභාපති ධුරයට

by Sathya

ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල අතර 7 වැනි ස්ථානයේ පසුවන ඇමරිකාවේ කැල්ටෙක් විශ්වවිද්‍යාලයේ 10 වැනි සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ උපත ලද මහාචාර්ය රේ ජයවර්ධන පත් ව තිබෙනවා. ඔහු ලබන ජුලි මස 01 දා සිට එම ධුරයේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ උපත ලද රේ, නුගේගොඩ ශාන්ත ජෝන්ස් විද්‍යාලයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තිබෙනවා. අනතුරුව උසස් අධ්‍යාපනය සඳහා එක්සත් ජනපදය වෙත සංක්‍රමණය වූ ඔහු 1994 දී යේල් සරසවියෙන් විද්‍යාවේදී උපාධිය ලබාගන්නා අතර, 2000 දී හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගන්නා ඔහු තාරකා භෞතික විද්‍යාඥයෙකු ලෙස කීර්තියට පත් ව තිබෙනවා.

2014 දී ඔහු යේල් විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරයට පත් වූ අතර, කොර්නල් විශ්වවිද්‍යාලයේ කලා සහ විද්‍යා කොලීජියේ පීඨාධිපතිවරයා ලෙස පත්වන්නේ 2018 වසරේ දී යි. බාහිර් ග්‍රහලෝක, වාමන තාරකා සහ ග්‍රහ මණ්ඩලවල හටගැන්ම පිළිබඳ විශේෂඥයෙකු වන ඔහු ඒ සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයනයන් ගණනාවක ද නො මැකෙන සටහන් තබා තිබෙනවා.

2023 වසරේ ඔහු ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ප්‍රධානී ධුරයට පත් වූ අතර, මේ දක්වා ම එම ධුරයේ කටයුතු කළා.

සෞන්දර්ය සෙනරත්

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications