Home Science News SLS රොකට්ටුව 39B දියත් කිරීමේ වේදිකාව වෙත ගෙන එයි

SLS රොකට්ටුව 39B දියත් කිරීමේ වේදිකාව වෙත ගෙන එයි

by Sathya

ෆ්ලොරීඩාහි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ යානා එකලස් කරීමේ ගොඩනැගිල්ලේ (Vehicle Assembly Building) සිට ගමන් ඇරඹූ Orion සේවා යානය සවි කරන ලද SLS රොකට්ටුව රැගත් Crawler Transporter 2 රථය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (18) උදෑසන 05.12ට පමණ 39B දියත් කිරීමේ වේදිකාව වෙත ළඟාවිය.

​ඊට පැය 12කට පමණ පෙර, නාසා හි Crawler Transporter 2 රථය මත SLS රොකට්ටුව සහ ඔරායන් යානය රඳවාගෙන කිලෝමීටර 6.4 ක දුරකින් පිහිටි දියත් කිරීමේ සංකීර්ණය දක්වා ගමන් කිරීම ආරම්භ කෙරුණි. පැයට සැතපුම් 0.82 ක උපරිම වේගයකින් ගමන් කරමින්, මෙම යෝධ රොකට්ටුව සහ අභ්‍යවකාශ යානය ඉතා සෙමින් නමුත් ස්ථාවර ලෙස දියත් කිරීමේ මධ්‍යස්ථානය වෙත රැගෙන එනු ලැබිණ.

ඉදිරි දින කිහිපයේ දී රොකට්ටුව Wet Dress Rehearsal ලෙස හැඳින්වෙන දියත් කිරීමට පෙර සිදුකරන පෙරහුරුව සඳහා සූදානම් වනු ඇත. මෙම මෙහෙයුමේදී කණ්ඩායම් සාමාජිකයින් රොකට්ටුවට අධික ශීත කළ ඉන්ධන පුරවා, දියත් කිරීමේ පසුගණනය සිදු කරමින් පෙර පුහුණුවීම් කරනු ලැබේ. මෙය මිනිසුන් සහිත සහිත ව සිදුවන පළමු ආටෙමිස් මෙහෙයුමට පෙර ගත යුතු අත්‍යවශ්‍ය පියවරකි. මෙම පෙරහුරුවෙන් පසු ව, මෙහෙයුම් කළමනාකරණ කණ්ඩායම පද්ධතිවල සූදානම ඇගයීමට ලක් කරනු ඇති අතර, දියත් කිරීමේ දිනය තහවුරු කරනු ඇත.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications