Home Science News විසි වසරක කාලය තුළ හැමූ ප්‍රබල ම භූ චුම්භකිත කුණාටුව වාර්තා වෙයි

විසි වසරක කාලය තුළ හැමූ ප්‍රබල ම භූ චුම්භකිත කුණාටුව වාර්තා වෙයි

by Sathya

මේ සතියේ G4 මට්ටමේ ප්‍රබල භූචුම්භකිත කුණාටුවක් (Geomagnetic storm) හේතුවෙන් උතුරු අර්ධගෝලය පුරා අහස නරඹන්නන් හට විචිත්‍රවත් උත්තරාලෝක දසුන් දැකගැනීමට හැකි වුණා. ඒ හා සමාන ව ම එතරම් දෘශ්‍යමාන නො වන, නමුත් ඓතිහාසික වශයෙන් වැදගත් තවත් අභ්‍යවකාශ කාලගුණ සිදුවීමක් ද සිදුවෙමින් පැවතුණා.

NOAA ආයතනයේ අභ්‍යවකාශ කාලගුණ අනාවැකි මධ්‍යස්ථානයේ වාර්තානක දැක්වෙන්නේ 2003 ඔක්තෝබර් මාසයෙන් වාර්තා වූ ප්‍රබලම සූර්ය විකිරණ කුණාටුව ඒ මොහොතේ දී පෘථිවි වායුගෝලය අත්දකිමින් සිට තිබෙන බවයි. 2003 වසරේ හටගත් ‘හැලොවීන් අභ්‍යකාශ කුණාටු’ තත්ත්වයෙන් පසු ඇති වූ ප්‍රබලතම භූ චුම්භකිත කුණාටුව මෙයයි.

සූර්ය විකිරණ කුණාටු ඇති වන්නේ සූර්යයා මත සිදුවන ප්‍රබල චුම්භක පිපිරීමක්, එනම් බොහෝ විට කිරීටක ස්කන්ධ විදාරණ (CME) හා සම්බන්ධ ප්‍රෝටෝන වැනි ආරෝපිත අංශු අධික වේගයකින් මුදාහැරීම නිසායි. NOAA ආයතනයට අනුව, මෙම අංශු ආලෝකයේ වේගයෙන් සැලකිය යුතු කොටසක් දක්වා වේගවත් විය හැකි අතර, සූර්යයා සහ පෘථිවිය අතර ඇති කිලෝමීටර මිලියන 150ක දුර ප්‍රමාණය මිනිත්තු කිහිපයකින් තරණය කිරීමේ හැකියාව තිබෙනවා. පෘථිවියට ළඟා වූ විට, මෙම ප්‍රෝටෝනවලට පෘථිවියේ චුම්භක ආරක්ෂණ පද්ධතිය විනිවිද ගොස් චුම්භක ක්ෂේත්‍ර රේඛා ඔස්සේ ධ්‍රැවීය ප්‍රදේශ වෙත ගමන් කර ඉහළ වායුගෝලයට ඇතුළු විය හැකියි.

NOAA ආයතනය මඟන්, සිය GOES චන්ද්‍රිකා මඟින් මැන බලනු ලබන අධි-ශක්ති ප්‍රෝටෝන ප්‍රමාණය මත පදනම් ව, සූර්ය විකිරණ කුණාටු S1 (සුළු) සිට S5 (අධික) දක්වා වූ පරිමාණයකින් වර්ගීකරණය කෙරෙනවා. ජනවාරි 19 වන දින ඇති වූ මෙම සිදුවීම S4 (ප්‍රබල) මට්ටමට ළඟා වී තිබුණා.

මෙය ඉතා බියකරු දෙයක් ලෙස පෙනුණ ද, පෘථිවියේ ඝන වායුගෝලය සහ චුම්භක ක්ෂේත්‍රය හේතුවෙන් මෙම විකිරණ මතුපිටට පතිත වීමට පෙර උරාගන්නා බැවින්, ගොඩබිම වෙසෙන මිනිසුන්ට මෙයින් කිසිදු තර්ජනයක් එල්ල වන්නේ නැහැ.

විශේෂයෙන් ම, මෙය අංශු පෘථිවි පෘෂ්ඨය මතට පැමිණිය හැකි තරම් ශක්තිමත් වූ “භූ-මට්ටමේ සිදුවීමක්” නොවෙයි. අභ්‍යවකාශ කාලගුණ භෞතික විද්‍යාඥ ටැමිතා ස්කොව් පැහැදිලි කරන පරිදි, මෙම කුණාටුව සාපේක්ෂ ව “මෘදු” අංශු වර්ණාවලියකින් යුක්ත ව තිබුණා. එනම්, එහි ප්‍රබලතාවය වාර්තාගත මට්ටමක පැවතුණ ද, අංශු පොළොව මට්ටමට ළඟා වීමට අවශ්‍ය තරම් අතිශය ඉහළ ශක්තියකින් යුක්ත වූයේ නැහැ.

අමරසිංහ සේනානායක

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications