Home Science News ශ්‍රී ලංකාවේ විශාලතම භූගත ජල මූලාශ්‍රය පිටබැද්දරින් සොයාගැනේ

ශ්‍රී ලංකාවේ විශාලතම භූගත ජල මූලාශ්‍රය පිටබැද්දරින් සොයාගැනේ

by Sathya

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ මෙතෙක් හමු වූ විශාලතම භූගත ජල මූලාශ්‍රය පිටබැද්දර පොලිස් ස්ථානය අසල සිදුකළ නළ ළිං කැණීමක දී සොයාගෙනු ලැබ තිබෙනවා.

දකුණු පළාත් භාර භූ විද්‍යාඥ ඉන්ද්‍රජිත් ගමගේ මහතා තහවුරු කළ පරිදි, මිනිත්තුවකට ලීටර් 10,000ක (ඝන මීටර් 10ක) අඛණ්ඩ ජල ධාරිතාවක් සහිත ජල මූලාශ්‍රයක් මෙරටින් හමු වූ පළමු අවස්ථාව මෙයයි. මීට පෙර ශ්‍රී ලංකාවේ වාර්තා වූ විශාලතම භූගත ජල මූලාශ්‍රය මඩු ප්‍රදේශයෙන් හමු වී තිබූ අතර, එහි ධාරිතාව සටහන් වූයේ මිනිත්තුවකට ලීටර් 7,000ක් ලෙසයි.

මේ නල ළිං කැණීම සිදුකර ඇත්තේ පාෂාණ ස්තර පිළිබඳ කළ භූ විද්‍යාත්මක අධ්‍යයනයන් සහ නවීන තාක්ෂණික උපකරණ භාවිතයෙන් භූගත පැළුම් හඳුනාගැනීමෙන් පසුවයි.

මෙම ප්‍රබල ජල මූලාශ්‍රය ප්‍රයෝජනයට ගනිමින් පිටබැද්දර, මොරවක සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල පවතින දැඩි ජල හිඟයට කඩිනම් විසඳුම් ලබාදීමට ඉදිරියේ දී කටයුතු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා. කලක් තිස්සේ ජල හිඟයෙන් පීඩා විඳි ජනතාවගේ ජල අවශ්‍යතාව සපුරාලීම ඉන් අපේක්ෂිතයි.

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications