Home Entertainmentප.නි.නි. නිදන්ගත සෞඛ්‍ය ගැටලු ඔබේ ණය සිව් ගුණයකින් වැඩි කරයි

නිදන්ගත සෞඛ්‍ය ගැටලු ඔබේ ණය සිව් ගුණයකින් වැඩි කරයි

by cmadurawala

සෞඛ්‍ය ගැටලු නිසා කෙනෙකුගේ ආර්ථිකයට බලපෑම් ඇති වන බව රහසක් නොවෙයි. සෞඛ්‍ය ගැටලු කෙනෙකු ණයකරුවෙකු කරන්නට පවා හේතු වනවා. නවතම අධ්‍යයනයක් පෙන්වා දෙන්නේ නිදන්ගත (Chronic) රෝගවලින් පීඩා විඳින පුද්ගලයන් එසේ නො වන අයට සාපේක්‍ෂ ව ණයකරුවන් බවට පත් වීම ණය පැහැර හරින්නන් බවට පත් වීම හා බංකොලොත් වීම වැනි තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානම සිව් ගුණයකින් ඉහළ බවයි. මේ අධ්‍යයනය සිදු කර ඇත්තේ Michigan වෛද්‍ය විද්‍යාලයයේ Nora Becker ඇතුළු පිරිස. මෙහි දී උපයෝගී කරගත් නියැදිය තුන් මිලියනයකට ආසන්න වීම විශේෂයි.
 
පර්යේෂකයන් මෙහි දී අවධානය යොමු කළේ අධි රුධිර පීඩන දියවැඩියාව, විෂාදය, පිළිකාව, ඩිමෙන්ෂියාව, හෘදයාබාධ වැනි රෝගවලට ගොදුරු වූවන් කෙරෙහියි. මේ අයගේ සායනික වාර්තා සමග මේ අයගේ ආර්ථික තත්ත්ව, විශේෂයෙන් ම ඉපැයීම් වියදම් හා ණය සන්සන්දනය කළා. එවිට පෙනී ගියේ මේ රෝග වැඩි ගණනකට ගොදුරු ව සිටි අය ආර්ථික අගාධයක ගිලී යමින් සිටි බවයි.
 
බොහෝ විට මෙවැනි අසනීප තත්ත්වයකට පත් ව සිටියේ ළමා වියේ දී හා තරුණ වියේ දී තම සෞඛ්‍යය ගැන නො සිතූ හා නිරවද්‍ය සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නො කළ අය යැ යි Nora පවසනවා.
 
එනිසා ඉදිරියේ දී හිඟන්නකු නො වීමට නම් වර්තමානය තුළ තම සෞඛ්‍යය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි Nora පෙන්වා දෙන්නේ. මේ අධ්‍යයනය පළ වන්නේ JAMA International Medicine ජර්නලයේ නවතම (සැප්තැම්බර්) කලාපයේයි.

මනෝජ් රත්නායක
 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications