Home Entertainmentප.නි.නි. උපන් ලප වාසනාව ගෙනෙනවා

උපන් ලප වාසනාව ගෙනෙනවා

by cmadurawala

ඇතැමුන් උපන් ලප ගැන බිය වෙනවා. එසේ ම උපන් ලප යනු අවාසනාවේ සංකේත යැ යි සිතනවා. එහෙත් අමෙරිකානු මනෝවිද්‍යාඥ Ian Stevenson පෙන්වා දෙන්නේ උපන් ලප නිසා කෙනෙකුට වාසනාව උදා වන්නට ඉඩ ඇති බවයි. Ian Stevenson ඉතා දිගු කලක් උපන් ලප පිළිබඳ අධ්‍යයනවල යෙදුණ කෙනෙකු වන අතර ඔහු උපන් ලප හා පෙර ආත්ම සබඳතා ගැන ද අධ්‍යයන කළ කෙනෙක්. තම අධ්‍යයනයේ දී Ian Stevenson අවධානය යොමු කර තිබුණේ මුහුණෙහි ඇස්වලට පහළින් උපන් ලප පිහිටා තිබූ දරුවන් හා යෞවන විය පසු වූ පුද්ගලයන් කෙරෙහියි.

ඔහුගේ නියැදිය 30ක් වූ අතර මේ අයගේ ආදායම් අධ්‍යයන වාර්තා, පවුල් ජීවිත, පිළිබඳ තොරතුරු රැස් කළා. එවිට පෙනී ගියේ ඔවුන් ගෙන් විශාල ප්‍රතිශතයක් ඉහළ අධ්‍යාපනයක් ලද එමෙන් ම ආදායම් අතින් ද සාර්ථක අය වූ බවයි.

එසේ ම හොඳ විවාහ ජීවිත ගත කළ ඉහළ ආදායම් ලද අය බහුතරයක් සිටි බව ද පෙනී ගියා.

මනෝජ් රත්නායක

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications